1200 x 80 DMirror

වැඩි කළ රුපියල් දහසත්, තිරිඟු පිටි සහනයත් නොමැතිව ඉහල යන ජිවන වියදම හමුවේ පීඩිතව සිටින වතු කම්කරුවන්ට වහා සහන ලබා දෙන ලෙස

ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

''වතු කම්කරුවන්ගේ දෛනික පඩිය රුපියල් දහස දක්වා වැඩි කළත් මේ දක්වා එය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් හරියාකාරව වැඩ ලැබෙන්නෙත් නැහැ. බඩු මිල අහස උසට ගිහින් වතු කම්කරුවෝ දැන් ඉන්නේ ඉතාමත්ම අමාරුවෙන්,'' යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

මාධ්‍යයට අදහස් දක්වන දිගම්බරම් පවසන්නේ ආණ්ඩුව වතු කම්කරුවන්ට ලබා දෙන බව කී තිරිඟු පිටි සහනය නිසි ලෙස නොලැබෙන බවයි.

 

''තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80 ගානේ සෑම මාසයකම පිටි කිලෝ 15 ක් අවුරුද්දක් ලබා දෙනවා කියා ආණ්ඩුව කිව්වා. පෙබරවාරි මාසේ දුන්නා. ඒත් මාර්තු මාසෙට මේ වෙනකම් දීලා නැහැ.''

 

''දැන් වතුකරයේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 180 ක්. ආණ්ඩුව කියන සහන මිලට පිටි ලැබෙයි ද සැකයි.''

එළඹෙන සිංහල-දෙමළ අළුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින්, ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අඩු ආදායම්ලාභී පවුල් තිස් එක් ලක්‍ෂයක් සඳහා මාස දෙකක කාලයකට රුපියල් 5000 බැගින් සහන දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

දිගම්බරම් මන්ත්‍රීවරයා පවසන්නේ කෝවිඩ් 19 වසංගතය පැතිර යමින් තිබිය දී  රැකියා විරහිතයන්ට ලබා දුන් රුපියල් 5000 සහන දීමනාවෙන් මෙන්ම මෙවර ද වතු කම්කරුවන් අත්හැර දමා ඇති බවයි.

 

''සහන ලබා දීම හොඳ දෙයක්. ඒත් මේ අසරණ වතු කම්කරුවන් ද ඇතුල් කර ගන්න ඕනෑ. කොරෝනා කාලේ රජයේ හා පෞද්ගලික අංශයේ වැඩ කරන අය ගෙවල් වල ඉඳන් වැඩ කළා. ඒත් වතු කම්කරුවෝ කිසිම ආරක්ෂාවක් නැතිව  වැඩට ගිය නිසා තමයි රටට විදේශ විනිමය ලැබුනේ.''

 

''එදා රුපියල් 5000 දීමනාව දෙවරක් දුන්නා එක වතවකවත් වතු කම්කරුවන්ට ලැබුනේ නැහැ. සමෘද්ධි සහන රුපියල් දහසකින් වැඩි කළා. රජයේ සේවකයනට රුපියල් 5000 ක දීමනාවක් දුන්නා. ඒත් වතු කම්කරුවන්ට වැඩි කරපු දහසේ පඩියත් නැහැ.''

දෙමළ ප්‍රගතිශිලි පෙරමුණේ නියෝජ්‍ය නායකයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අඩු ආදායම්ලාභින් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාවට වතු කම්කරුවන් ද ඇතුලත් කර ගන්නා ලෙසයි.

 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app


 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය