ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා ජනතාව පාරට බැස්සීමට සමාජ මාධ්‍ය විසින් විසින් සංවිධානය කර තිබු විරෝධතා මෙහෙයුමට නායකත්වය

ලබාදීමට  විපක්ෂ නායක සජිතේ ප්‍රේමදාස ඉදිරිපත්ව තිබේ.

නිර්නාමික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම විරෝධතාවය අප්‍රේල් 03 දා සවස 3ට නගර මට්ටමින් කැඳවා තිබුනේ නිර්පක්ෂිකව සහභාගිවන ලෙස දන්වමිනි.

මෙසේ නිර්නාමික පිරිස් විසින් අසංවිධානාත්මකව සිදුකිරීමට යන 'වීදි බැසීමේ' භයානක බවට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින්ම අවධාරණය කර තිබිණ.  ඒ අනුව, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න එම විරෝධයට දේශපාලන නායකත්වයක් ලබාදෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත්කර ඇත.

 

 




පොහොට්ටුවත් වීදි බසින්න යයි !

මේ අතර පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරීන් ද අප්‍රේල් 03 දා වීදි  බැසීමට තීරණය කර තිබේ. ඊට එක්වන ලෙස පොහොට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද තමන්ගේ හිතවතුන්ගෙන් ඉල්ලා තිබේ.

 

මේ අතර එදින සුපිරි වෙළඳසැල් කිහිපයකට පහරදීමේ සුදානමක් ගැන රජයේ බුද්ධි අංශ විසින් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

 

රනිල් අනතුරු අඟවයි !


මෙසේ  අප්‍රේල් 03දා සමගි ජන බලවේගය විසින් සංවිධානය කිරීමට යන 'විදී සටන' සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ,  දේශපාලනය පසෙක තබා ජාතික ප්‍රතිපත්තියක් සඳහා පොදු සම්මුතියක් සඳහා පුරවැසියන් එක්විය යුතු කාලය එළඹ ඇති බවයි.

සමාජ මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු අගමැතිවෙරයා තවදුරටත් මෙසේද කියා සිටියි.

''අප්‍රේල් 3 වැනිදා දේශපාලනික නොවන පෙළපාලියක් සඳහා මහජනතාවට පාරට බසින ලෙස ඉල්ලා සමාජ මාධ්‍යවල පණිවිඩ ආවා. ''

•අද සජිත් ප්‍රේමදාස අප්‍රේල් 3 මහජන පෙලපාලි වල වගකීම බාරගෙන තියනවා.''

''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් ඔවුන්ගේ ආධාරකරුවන්ට මෙම පෙළපාලිවලට විරුද්ධ වීම සඳහා 3 වැනිදා එළියට එන ලෙස ඉල්ලා තියනවා.''

''මෙයින් පෙනී යන්නේ දැන් රටේ අර්බුදයට දේශපාලනය ඇතුළු විය යුතු බවයි. තත්ත්වය දේශපාලනීකරණය කළහොත් අපේ වීදිවල ප්‍රචණ්ඩත්වය අපට පෙනෙනු ඇත ''

දේශපාලන පක්ෂ භේදයකින් තොරව අර්බුදය විසඳීමට කැමති සියලුම පුරවැසියන්ට විවෘතව පවතින සාමකාමී සත්‍යග්‍රහයක් සඳහා එක්සත් ජාතික පක්ෂය රට පුරා ඉල්ලා සිටී. ;;

අපි පසුගිය සිකුරාදා (25) කොළඹින් අපේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කලා .. ලබන සතියේ 6 වැනිදා මාතරදී එවැනි සත්‍යග්‍රහයක් කරනවා. ''

''දේශපාලනය පසෙක තබා ජාතික ප්‍රතිපත්තියක් සඳහා පුරවැසියන් එක්විය යුතු කාලයයි මේ.''


සබැඳි පුවත් :
 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්