වතු හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් හමුවේ වතු කම්කරු කාන්තාවන් දහස් ගණනක් රැකියා සදහා විදෙස් ගත වී ඇති බව කම්කරු අමාත්‍යවරයා විසින්

හෙලි කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වතු හාම්පුතුන් සේවකයන්ට නිසි පරිදි නොසැලකීම නිසා මේ වන විට වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් පමණ විදේශ රටවල රැකියා සඳහා ගොස් ඇති බවයි.

වතුකම්කරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ මාර්තු 29 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා ඒ බව පවසා තිබේ.

 

මෑත කාලයක සිට වතු සමාගම් පාලකයන් වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන් සිදුකරන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වතු කම්කරු ජනතාවට සාධාරණව කම්කරු නීති රීතිවලට අනුකූලව යහපත් සේවා තත්වයක් උදාකරදීමට වතු කම්කරුවන්ගේ යහපත උදෙසා නව නීතිරීති පැනවීමට සිදුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී පවසා ඇත.

 

දෛනිකව නෙලන දලු ප්‍රමාණය වැඩි කිරීම, සේවා තත්වයනට  පනවා ඇති නව නිර්මිතයන් නිසා සිදු වන පීඩාවන්, සිදුකරන විවිධ පලිගැනීම්, සිදුකර ඇති සේවා වරප්‍රසාද කප්පාදුන් ආදිය පිළිබඳව වතු කම්කරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් එහිදී  පෙන්වා දී තිබේ.

වතු සමාගම් නියෝජිතයන් එහිදී පවසා ඇත්තේ, ඇතැම් ස්ථාන වල එවැනි කම්කරු නීතීන් උල්ලංඝණය වීම් සිදු බව තමන් ද පිළිගන්නා අතර ඒ පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා ඊට අදාළ පියවර ගැනීමට තමන් කිසිසේත්ම විරුද්ධ නොවන බවය.

කෙසේ වුවද, මේ වන විට සෑම වත්තකම රුපියල් දහසේ වැටුප ගෙවන බවත්, අවුරුදු අත්තිකාරම් රුපියල් දසදහස බැගින් ගෙවා ඇති බවත් ඔවුහු සදහන් කර තිබේ.

එසේම ඉන්ධන මිල ඉහළ යාම, විදුලිබල අර්බුදය,  නිසා මේ වන විටත් සිය  ආර්ථිකය පවත්වා ගෙන යන්නේ ඉතාමත්ම අපහසුවෙන් බවත් ඔවුන් පවසා ඇත.

එයට ප්‍රතිචාර දක්වමින් කම්කරු අමාත්‍යවරයා පවසා ඇත්තේ විදුලිබල හා ඉන්ධන අර්බුද ඇති වූයේ මෑතකදී වන අතර මෙම වතු කම්කරුවන්ට හිරිහැර කිරීම රුපියල් දහසේ වැටුප තීන්දු කළ දවසේ සිට සිදුවන බවට තමන්ට දිගින් දිගටම පැමිණිල්ල ලැබී ඇති බවයි.

 

අමාත්‍යවරයා වෘත්තීය සමිතියෙ නියෝජිතයන්ට තව දුරටත් දැනුම් දී ඇත්තේ සිදු වූ එවැනි අකටයුතුකම් පිළිබඳව පුද්ගලයාගෙන් පුද්ගලයාට තොරතුරු වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස යි.

 

ඒ අනුව රුපියල් දහසේ දෛනික වැටුප නියමිත පරිදි ලබා නොදීම, වැඩ කළ දින ගණනට නියමිත පරිදි වැටුප් නොගෙවීම හා අසාධාරණ ලෙස වැටුප් කප්පාදු කිරීම, හෝ සිදු වූ යම්කිසි අසාධාරණය පිළිබඳව පැමිණිලි මාසයක් ඇතුළත කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් කම්කරු අමාත්‍යවරයා දැනුම් දී ඇත.

එසේම වතු වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන්ගේ සාමාජික මුදල් වැටුපෙන් අයකර එම වෘත්තිය සමිති ගිණුම්වලට බැර කිරීම මේ වන විට වතු සමාගම් පැහැර හැර ඇති හෙයිනි එම සාමාජික මුදල් වෘත්තීය සමි වලට බැර කිරීම තහවුරු කෙරෙන නව නීතියක් පනවන බව ද අමාත්‍යවරයා එහිදී පැවසු බව රජය නිවේදනය කර තිබේ.


 
The Leader TV අද වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්