යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂි ඇති ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපතිවරයකුට  එරෙහිව

රටින් පිටතදී පියවර ගැනීම සඳහා වන මෙහෙයුමකට සංවිධාන කිහිපයක් එක්ව සිටී.

රට තුල යුක්තිය ඉටුවීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති තැන එම සංවිධාන සමූහය හිටපු යුද හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව තහංචි පනවන ලෙස ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

ඔහුට වාරණ පනවන්නැයි සිදුකර ඇති ඉල්ලීම හා සමාන ඉල්ලීම් එක්සත් රාජධානිය ඇතුළු වෙනත් ආණ්ඩුවලටත් මීට පෙර සිදුකර තිබේ.



මාර්තු 4 වැනිදා ගොණුකරන ලද පිටු 100ක කරුණු ගෙනහැරපෑම වනාහී මැග්නිට්ස්කි වාරණ ලෙස හැඳින්වෙන නිශ්චිතව ඉලක්ක කොට පනවන මානව හිමිකම් වාරණ නීති උපයෝගී කරගන්නැයි ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට ඉදිරිපත් කෙරුණු පළමු විධිමත් ඉල්ලීමයි.




ලුතිනන් ජෙනරාල් ජයසූරිය ලතින් ඇමරිකානු රටවල් කිහිපයක තානාපතිවරයා වශයෙන් ක්‍රියාකරමින් සිටියදී, 2017 අගෝස්තු මාසයේදී, සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රසීලයේත්, චිලියේත්, කොලොම්බියාවේත් අභිචෝදකයන් සමග එක්ව ඔහුට එරෙහිව අපරාධ නඩු ගොණුකරන ලද අවස්ථාවේදී හෙතෙම නඩුවලට මුහුණ නොදී ලංකාවට පලා යන්නට සමත් විය.

යුද සමයේදී උතුරු නැගෙනහිර පැහැරගැනීම්, වධබන්ධන, නඩු නැති ඝාතන, රෝහල්වලට පහර දීම් සහ ලිංගික ප්‍රචණ්ඩතා සිදුකළ හමුදා භට පිරිස්වලට අණදුන් බවට ජගත් ජයසූරිය චෝදනා ලබයි.

හිටපු යුද හමුදාපතිවරයා 2019 දී ඔස්ට්‍රේලියාවට පැමිණ සිටියදී ඔහුගේ අපරාධ සහායකත්වය දැක්වෙන චෝදනා සම්බන්ධ සාක්ෂි ලබා දී තිබියදීත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් එරට පොලිසියට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසත් සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP), ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ඕස්ට්‍රේලියානු කේන්ද්‍රය (ACIJ), සහ දෙමළ සරණාගත මණ්ඩලය (TRC)  බලකර සිටී.

ඕස්ට්‍රේලියානු බලධාරීන් සිය වගකීම පැහැර හැර ඇති ආකාරය දැක්වෙන තොරතුරු රූ සටහනක්ද එම සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

යුද අපරාධ චුදිත ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය 2019 මැයි මාසයේදී  ස්වකීය පවුලේ සාමාජිකයන් මුණගැසීමට ඕස්ට්‍රේලියාවට ඇතුල් වූ අතර මෙල්බර්න් නගරයේ ප්‍රසිද්ධ උත්සව කිහිපයකට පෙනී සිටියේය. යුද්ධය සහ රජයේ හමුදාව උත්කර්ෂයට නංවන උත්සවයක්ද ඒ අතර වේ.

සත්‍යය සහ යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියත් (ITJP), ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ඕස්ට්‍රේලියානු කේන්ද්‍රයත් (ACIJ), මානව හිමිකම් නීති කේන්ද්‍රයත් (HRLC) ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට ලියමින්, ඕස්ට්‍රේලියානු නීතියට ඇතුළත් සර්ව භෞමික අධිකරණ බලය පිළිබඳ මූලධර්මය යටතේ ජයසූරියට එරෙහිව අපරාධ විමර්ශනයක් වහාම සිදුකරන්නැයි ඉල්ලා සිටියහ.

දෙවනුව, මෙම කණ්ඩායම් විසින් සැහැසි ක්‍රියා සහ වදහිංසාවන්ට පාත්‍ර වී දිවි ගළවාගත්තවුන් හා සාක්කිකරුවන් 40 දෙනකුගේ සාක්ෂි ප්‍රකාශ උපුටනයන් ඇතුළත් අධි චෝදනා කෙටුම්පතක් ගොණුකරන ලදී.


ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයට චෝදනා

ඕස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශය තුළ චූදිතයකු රැඳී සිට පිටව යන්නට ඉඩ ඇති තත්වයක් හමුවේ බරපතල ජාත්‍යන්තර අපරාධ පිළිබඳ බැරෑරුම්ව සළකා බලා විමර්ශනය කිරීමට අපොහොසත්වීම මගින් වගඋත්තරදායකත්වය අවප්‍රමාණ කිරීම පිළිබඳව එම කණ්ඩායම් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට (AFP) චෝදනා කළහ.

2019 ඔක්තෝබර් අගභාගයේ සහ නොවැම්බර් මාසවලදී ජයසූරිය යළිත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් ප්‍රසිද්ධ උත්සවවලට සහභාගී වූ බවට මෑත තොරතුරු මගින් අනාවරණය වී තිබේ.

 ෆෙඩරල් පොලීසියත්, ස්වදේශ කටයුතු‍ දෙපාර්තමේන්තුවත්, කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයත් ගනු ලැබ ඇති සදොස් පියවර පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා තිබේ.

"මෙකී බරපතල අසමත්වීම් විසින් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාවට විශේෂඥ විමර්ශන කණ්ඩායමක් ඉක්මණින් අත්‍යවශ්‍යව ඇති බවත්, ජාත්‍යන්තර අපරාධ පිළිබඳ විශේෂඥ අවබෝධයක් සහිත විමර්ශකයන්ට ඉහත කී තත්ත්වයන් යටතේ ඉක්මණින් හා වහාම ප්‍රතිචාර දැක්විය හැකි බවත්," යයි ඔවුහු අවධාරණය කරති.



මානව හිමිකම් සංවිධාන විසින් කරන ලද ඉල්ලීම නොතකා හැරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලිසිය අවුරුදු දෙකකට පසු පවසා ඇත්තේ එය "පරිපාලනමය ප්‍රමාද දෝෂයක්" බවයි.  

 


ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවේදී සභික නික් මැකීන් විසින් මාර්තු 31 දා  දැඩි ලෙස ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී පොලිසියේ නියෝජ්‍ය  කොමසාරිස් ඉයන් මැකාර්ට්නි ප්‍රකාශ කළේ එම පරීක්ෂණය කිරීමට යෝග්‍ය ස්ථානය වන්නේ "යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් පත් කොට ඇති දේශීය කොමිසම" බවයි.

කිසිදා නැසූ විරූ එම කොමිසම කුමක්දැයි ඕස්ට්‍රේලියානු පොලිසිය පැහැදිලි කර නැත.

සෙනෙට් සභිකයා විසින් පොලිසින් ප්‍රශ්න කෙරුණු නීතිමය සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කමිටුවේදී සෙනෙට් සභික නික් මැකින් විසින් ජගත් ජයසූරිය හඳුන්වන ලද්දේ "ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය චෝදනා ලබන පුද්ගලයකු" ලෙසිනි.

අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදා නිලධාරීන්ට දඬුවමින් බේරී සිටීමට හැකිවන සේ නීති සම්පාදනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සමග කෙටුම්පත් කරන ලද ලියවිල්ලක ජගත් ජයසූරිය සම සංස්කාරකවරයෙකි.

යුද අපරාධ චෝදනා ලබන ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව රට තුල නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීම වලක්වන නීති සම්පාදනය සඳහා ගෝඨාභය රාජපක්ෂ හා එක්ව සම්පාදනය කළ කෙටුම්පතක ජගත් ජයසුරියද සම සංස්කාරකවරයකු වෙයි.

ජගත් ජයසූරියට එරෙහිව පියවර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට බල කරන සංවිධාන නිකුත් කළ නිවේදනය පහතින්.

https://itjpsl.com/assets/Sinhala-Website-Media-Release-TimeToSanction-Jayasuriya_Sinhala_FINAL.pdf


ජගත් ජයසූරියට එරෙහිව පියවර නොගනීම ගැන ඕස්ට්‍රේලියානු පොලිසියෙන් ප්‍රශ්න කරන වීඩියෝව

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්