1200 x 80 DMirror

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 50කට වැඩි පිරිසක් මේවනවිට ස්වාධීනව කටයුතු කිරීමට විමල් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට එකඟත්වය

පළකර ඇත.

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් පසුගිය දින කිහිපයේ විමල් විරවංශ හා උදය ගම්මන්පිල රහසිගතව හමුවෙමින් සාකච්ජා පවත්වා ඇතැයි ද එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බවයි.

ආණ්ඩුවේ සරල බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමට සැලසුම් කරමින් ඇතැයි ද පැවසූ ඔහු වඩාත්ම සුදුසු මොහොතේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද කියා සිටියේය.

විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම පැවසීය.

එම මැතිවරණයේදී ජනතාවට කැමති රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව හිමිවන බවද ඔහු සදහන් කලේය.

අද වන විට ජනතාව මුහුණ පා සිටින බලවත් අසීරුතාවන් නිසා රජයට එරෙහිව ඡන්දය පාවිච්චි නොකර මන්ත්‍රීවරුන්ට ගම රට බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය.

 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය