1200 x 80 DMirror

 
 

හදිසි නීතියෙන් රට පාලනය කළ ලංකා නායකයින්ට හිමිවූවේ ඉතිහාසයේ කුණු කුඩය බවත්, හදිසි නීතිය පැනවීම පරාජයේ ප්‍රකාශනයක් බවත් හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කර

සිටියේය.

හිටපු ආණ්ඩුකාරවරුන්වන මෛත්‍රී ගුණරත්න, අසාත් සාලි හා රජිත් කීර්ති තෙන්නකෝන් සහභාගී වූ මෙම මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ද එක්ව සිටියේය.

හදිසි නීතිය කඩකිරීමේ චෝදනාව ඇප ලබා දිය හැකි රු. 100 ක දඩයක් ගහන නීතියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර යේ විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.


නිදහසින් පසුව, 2015 වසර දක්වා ලංකා රාජ්‍ය පාලනයේ ආසන්න වශයෙන් සෑම දින දෙකකින් එකක්ම පාලනය වී තිබුණේ ‘හදිසි නීතිය‘ යටතේ ය.  හදිසි නීතිය අසාර්ථක රාජ්‍යකරණයේ නිල ප්‍රකාශනයක් වන අතර, තමන්ට රටේ සාමාන්‍ය පාලනයන පවත්වා ගත නොහැකි බවට වන නිල පිළිගැනීම අච්චු ගැසූ ප්‍රකාශනය වන්නේය.



සුද්දාගේ යුධ නීතිය යටතේ පාලනය වූ රට 1953 හර්තාලය, 1958 දෙමළ කෝලාහලය, 1962 සත්‍යග්‍රහය සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, 1966 කුමන්ත්‍රණය, 1971 මාර්තු සිට 1977 සභාග ආණ්ඩුව බිඳවැටී ඉබේ අහෝසි වන තෙක් ද, 80 වැඩ වර්ජනයේ දී ද, උතුරේ යුධ තත්වයත් සමඟ උතුරට ද, 1983 කළු ජූලිය සමයේ සිට 1994 චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය බලය ලබා  ගන්නා තෙක් ද, එතැන් පටන් කෙටි අවස්ථා කිහිපයක දී හැර 2015 ජනවාරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වන තෙක් ද රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වී ඇත.

හදිසි නීතිය පැනවීම ඩඩ්ලි සේනානායක අගමැතිකම නැති කළා. 1958 හදිසි නීතිය බණ්ඩාරනායක ඝාතනය, මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පරාජය කලා.  

1971 – 1977 සිරිමා - ෆීලික්ස් ඩයස් හදිසි නීතිය ඔවුන් දේශපාලනයේ කුණු බක්කියට වැටුණා.  ජේ.ආර්. 1983 දාපු හදිසි නීතිය ලේ විලකින් අවසන් වුණා.  

චන්ද්‍රිකා ආණ්ඩුවේ පිරිහීම ඇරඹුනේ, සෘණ ආර්ථිකයට පාර කැපුවේ හදිසි නීතිය යි. මහින්ද රාජපක්ෂ හදිසි නීතිය යොදාගත්තේ ඝාතන, ජනමාධ්‍ය, විරුද්ධවාදීන් මර්ධනය කරන්නයි.  දෙකොන ගිණිගත් විලක්කුවක් වන් රටක් නිවා දමන්නට හදිසි නීතිය යොදාගත් ජනපති ඩි.බී.විජේතුංග හැර අන් සියලුම පාලකයින් ජනතා වෛරයට, කෝපයට, පරිභාවයට පත් වුණා.

හදිසි නීතිය යටතේ ‘ඇඳිරි නීතිය‘ පනවන්නට හැකිය.  නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීය නොහැකිය. ආඥා පනතේ 18වන වගන්තිය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුව ගැනීමට එමගින් අවස්ථාව ඇත.



හදිසි නීතිය යටතේ චෝදනාවට ලක්ව වරදකරු වූවහොත් හය මසක උපරිමයකට හිරේ දැමිය හැකිය. පැනවිය හැකි උපරිම දඩය රු. 100 කි. නමුත්, මෙය ඇප ලබාගත හැකි වරදක් බව (4 වන උප වගන්තිය) දක්වයි. ඊයේ ගංගොඩවිල අධිකරණයේ දී පෙන්වූවේ ගරු අධිකණයට විරෝධය හා මර්ධනය පැහැදිලි හදුණා ගැනීමට අධිකරණයට ඇති හැකියාව යි.

 


හදිසි නීතිය පිළිබඳ වි.කො.ස. (මාෂල් පෙරේරා නඩු තීන්දුව), චන්න පීරිස් එරෙහි නීතිපති නඩුව (1994 SLR 01) මගින් අර්ථකථන ලබා දී ඇත.  ජනතාව මර්ධනයට හදිසි නීතිය භාවිත කළ නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2021 අගෝස්තු 30 අංක 2243/1 දරණ නිවේදනයෙන් හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් ප්‍රකාශයට පත් කළේය. හදිසි නීතියට හාල් මෝලක් පාලනයක කළ නොහැකි බව ජනතාව දැනගත්තේ එදාය.  ගෝඨාභය ජනාධිපතිවරයාගේ හදිසි නීති ගැසට් විහිළුවක් වූවේ එදාය.

''ආණ්ඩුවේ මර්ධනය යුරෝපා සංගමය මගින් ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කර දැමීමට හේතු විය හැකිය.''

 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවරන්නට හැදුවා.  හැබැයි පොදු දේපල පනත යටතේ නඩු පැවරුවා.  ලංකාව ආයෙත් අශිෂ්ඨ, අධම, නරුම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය හදුනා ගන්නවා ඇත.

මේ මර්ධනය රටේ කාබාසිනියා කර ඇති ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමට හේතුවක් වනු ඇත. 

dhtytytui


සබැඳි පුවත් :
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්