ජනාධිපති එලවා දැමීම අරමුණු කොටගත් මිරිහාන විරෝධතාව වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍යවේදීන් සමූහයකට
ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා ම්ලේච්ඡ අයුරින් පහර දී වධහිංසා පමුණුවා තිබේ.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සඳහා වාර්තා සපයන අට දෙනකු ඇතුළු තවත් කිහිප දෙනකුටම එසේ පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ පොලිසියට, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට සහ යුද හමුදාවටයි.
දකුණේ සිංහල මාධ්‍යවේදීන් වැඩිම පිරිසකට එකම දිනක එකම ස්ථානයකදී වර්තමාන පාලනය යටතේ පහරදුන් පළමු අවස්ථාව මෙය සේ සැලකේ. දැඩි හමුදා ගහනයක් සිටින උතුරු නැගෙනහිර වාර්තාකරණයේ යෙදෙන දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන්ට රජයේ ආරක්ෂක අංශ විසින් කරන පහරදීම් ගැන මීට ඉහතදී නිරන්තරයෙන් වාර්තා වී තිබේ.
සුමේධ සංජීව ගාල්ලගේ (දෙරණ), නිශ්ශංක වේරපිටිය (දෙරණ), ප්‍රදීප් වික්‍රමසිංහ (දෙරණ) ලහිරු චාමර (දෙරණ), අවංක කුමාර (සිරස), වරුණ වන්නිආරච්චි (ලංකාදීප), නිසල් බදුගේ (ඩේලි මිරර්) සහ චතුර දේශාන් (සිරස) ප්‍රහාරයට ලක් වූ බවට මේ වනවිට වාර්තා වී ඇති මාධ්‍යවේදීන් පිරිසයි.
උද්ඝෝෂණයට සහභාගී වීම නිසා අත් අඩංගුවට ගන්නා ලද පනහකට අධික පිරිස සමග මේ අතරින් මාධ්‍යවේදීන් කිහිප දෙනකුද සිටි අතර, නීතිඥයන් සිය ගණනක් ස්වේච්ඡාවෙන් මැදිහත්වී ඒ සැමට ඇප ලබා ගැනීමට සමත් වී තිබේ.
ජනමාධ්‍යවේදීන්ට පහරදීම ගැන ඩලස්ගේ කණස්සල්ල
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ නුගෝගෙඩ ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහරදීම තමා තරයේ හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහම්පෙරුම පවසයි.
ඔහු ඒ බව පවසා ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
''මහජනතාවට සාමකාමි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය. එමෙන්ම උද්ඝෝෂකයින් ද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම නොකළ යුතු අතර එසේම මහජන දේපළ විනාශ කිරීම ද නොකළ යුතුය.''
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!