1200 x 80 DMirror

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුලික වශයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින්, ඔහුට එරෙහිව

පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් මේවනවිට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සන්ධානයේ නායකයින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට මුලිකත්වය ගෙන තිබේ.

එම සන්ධානයේ ආරංචිමාර්ග වලට අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකුට වැඩි පිරිසක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී එම විශ්වාස භංගයට අත්සන් කිරීමට නියමිතය.

ඒ සඳහා තවත් අමාත්‍යවරුන්ගේ සහාය ලබාගැනීමට මේවනවිට සාකච්ඡා පැවැත්වේ.

 

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සිය ස්ථාවරය මේවනවිටත් ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි. බැසිල් රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ. ඒ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් අද දිනයේ අගමැතිවරයා හමුවීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.

 

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, සිය සොයුරු බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් නොගතහොත් රාජපක්ෂවරුන් ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් සහිත අන්තර්වාර පාලනය ඇතිකර මාස කිහිපයක් තුලදී මහ මැතිවරණයට යාමට ආණ්ඩුවේ බැසිල් විරෝධී මැති ඇමතිවරුන් දී තීන්දුවක් ගෙන ඇත.


මැති ඇමතිවරුන් 31ක් ආණ්ඩුවෙන් ගැලවෙයි!


ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 31ක් වහාම රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ උදෑසන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


 


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය