theleaderlk 01

සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පිවිසීම තාවකාලිකව අවහිර කළේ ආරක්ෂක අමාත්‍යාංශය කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව තාක්ෂණ අමාත්‍යාංශය

පවසයි.

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ සමාජ ජාල කිහිපයකට පිවිසීමයි මෙලෙස අත්හිටුවා තිබේ. ඒ අනුව ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටර්ග්‍රෑම් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල වෙත ප්‍රවේශවීම මෙන්ම පණිවිඩ යොමු කිරීමට ද හැකියාව අහිමිවේ.

කෙසේවෙතත් අමාත්‍ය නාමල් රාජපක්ෂ සදහන් කළේ තාක්ෂණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීම පවතින ප්‍රශ්නවලට විසදුමක් නොවන බවයි.



මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු තවත් පිරිසක් රහසිගතව විදෙස් ගත වී ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගෙන් 'නෙත් නිවුස්' මෙහිදී විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්විය.



සමාජ මාධ්‍ය ජාලා වලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ද නිකුත්කර තිබිණ. ඔහුගේ එම ටිවිටර් පණිවිඩයට ජනතිපතිවරයාගේ සමීපතම මිතුරකුව සිටි දිලිත් ජයවීර ප්‍රතිචාර දක්වා තිබිණ.

FB IMG 1648976200206

 
 

නවතම පුවත්