අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව
අගමැති මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවට පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීරණය කර ඇතිබව ''මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වේ !'' යන සිරස්තලයෙන් යුතුව 'ද ලීඩර්' අද පස්වරුවේ වාර්තා කලේ වගකීම් සහගතවය. ඒ සත්‍ය කරුණු හා තොරතුරු පදනම් කර ගනිමිනි.
ඇත්ත කතාව මෙන්න !
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සන්ධානය නියෝජනය කරමින් විමල් විරවංශ, උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් දෙදෙනාත්, වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාත්, ටිරාන් අලස් මන්ත්‍රීවරයත් අද උදැසන 8.30ට අගමැති මහින්ද රාජපක්ෂ හමුවී තිබිණ.
පැය දෙකට අසන්න කාලයක් පුරා පැවති සාකච්ජාවේදී රට මුහුණදී සිටින බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදය පිළිබඳවත් ඒ තුලින් මතුව ඇති ජනතා විරෝධය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.
ඊට මුහුණදීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග ඇතිකර ගනුලබන එකඟත්වයක් හරහා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට හවුල්කාර සන්ධානයේ නියෝජිතයින් ඉදිරිපත් කළ යෝජනාවට අගමැති මහින්ද රාජපක්ෂ ද එකඟත්වය පළකර තිබිණ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් සිව්දෙනා ඊයේ (02) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී අන්තරවාර ආණ්ඩු යෝජනාව ඔහු වෙත ද ඉදිරිපත්කර ඇත. ඊට අනුකුලතාවයක් දක්වා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග ද සාකච්ජා කරන ලෙස පක්ෂ නියෝජිතයින් සිව්දෙනාට දන්වා තිබිණ.
කෙසේවුවද එවැනි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ලබන අඟහරුවාදා මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවත් එය සම්මත කරගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය තමන් සතු බවත් පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව විශ්වාස භංග යෝජනාව කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඊයේ දැනුම් දී තිබුනද ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුබව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.
අද දිනයේ පක්ෂ නියෝජිතයින් සමග තිබු සාකච්ජාවෙන් අනතුරුව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා අගමැති ධුරයෙන් ඉවත්වීමට සුදානම් බව මහින්ද රාජපක්ෂ එකඟත්වය පළකර තිබිණ.
ව්‍යවස්ථානුකුලව අගමැතිවරයකු සිය තනතුරින් ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය ඉබේම අහෝසිවන අතර ජනාධිපතිවරයා විසින් අලුත් අගමැතිවරයකු පත්කිරීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත්කරනු ලබයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍ය ධුරය ද නිතැතින්ම අහෝසි වන අතර ඔහුව ඉවත් කිරීමට විශ්වාස භංගයක් අවශ්‍ය නොවනු ඇත.
ව්‍යවස්ථානුකුලව අගමැතිවරයකු සිය තනතුරින් ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය ඉබේම අහෝසිවන අතර ජනාධිපතිවරයා විසින් අලුත් අගමැතිවරයකු පත්කිරීමෙන් පසු නව කැබිනට් මණ්ඩලය පත්කරනු ලබයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍ය ධුරය ද නිතැතින්ම අහෝසි වන අතර ඔහුව ඉවත් කිරීමට විශ්වාස භංගයක් අවශ්‍ය නොවනු ඇත.
කෙසේවුවද මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට එකඟතාව පළකර ඇත්තේ, හවුල්කාර පක්ෂ යෝජනා කරන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය තමාට ලැබිය යුතු බවට වූ පුර්ව කොන්දේසිය මතයි.
අගමැතිවරයා ඉදිරිපත් කල යෝජනාව ජනාධිපතිවරයා වෙත දැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ද ඊට එකඟත්වය පළකර ඇති අතර ඒ අනුව අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමටත් නැවත හෙට දිනයේ (04) අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ලෙස දිව්රුම් දීමටත් සැලසුම් කර තිබිණ.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ධුරයෙන් එසේ ඉවත් වීමට තීන්දු කර ඇත්තේ, අලුතින් පත් වන අන්තර්වාර කැබිනට් මණ්ඩලයේදී බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට තනතුරු ලබා නොදීමේ අරමුනෙනි.
ඒ අනුව අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කෙටුම්පත් කිරීම අගමැතිවරයා විසින් පවරා තිබුනේ ඔහු ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකුව සිටි ප්‍රවීන මාධ්‍යවේදියකු වෙතය.
කෙසේවුව ද හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග ඇතිකර ගෙන තිබු මෙම එකඟතාවය වාර්තාවීමත් සමග බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසට ගොස් ඒ සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකර තිබිණ.
කැබිනට් ඇමතිවරු වෙනත් යෝජනාවක් ගෙනෙයි
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඔහු සමග සමීපව කටයුතු කරන මැති ඇමතිවරුන් ඔහුට ඉවත් නොවන ලෙස බලපෑම් කර ඇත. ඔවුන් පවසන්නේ අගමැතිවරයා ඉවත් නොවී තමන් කැබිනට් අමාත්‍යදුර වලින් ඉවත් වන බවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත සහ තිස්ස කුට්ටිආරච්චි වැනි දැඩි බැසිල්වාදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අගමැතිවරයා හමුවී අගමැති ධුරයෙන් ඉවත් නොවන්නැයි බලපෑමක් එල්ල කර ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි. ඒ, කැබිනට් අමාත්‍යවරුන් සියලුදෙනා හෙට උදැසන විට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට සුදානම් බවට පොරොන්දු වෙමිනි.
ඒ අනුව තම තීරණය හකුලා ගැනීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉරා දමන්නැයි එම ලිපිය කෙටුම්පත් කළ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව තම තීරණය හකුලා ගැනීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉරා දමන්නැයි එම ලිපිය කෙටුම්පත් කළ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබාදුන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, දිගින් දිගටම ජනාධිපතිවරයා හැල්ලු කරමින් ඔහුව අසමත්කිරීමට කටයුතු කරන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙවරද ජනාධිපතිවරයාව අපහසුතාවයට පත්කර ඇති බවයි.
කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට යයි !
කෙසේවුවද පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් එම පක්ෂයේ නායකයින් අද රාත්‍රී අරලියගම මන්දිරයට කැඳවා තිබිණ.
සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී ජනාධිපතිවරයාට සුදුසු කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවට එම රැස්වීමට සහභාගිවූ බහුතරයකගේ අදහස වී තිබුන අතර ඒ අනුව අගමැතිවරයා හැරුණු විට අනෙකුත් සියලු කැබිනට් ඇමතිවරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
සබැඳි පුවත් :
මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වේ !- ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වේ
විමල්ලාගේ ඉල්ලීමට ජනපති අගමැති එකඟවේ - අන්තර් වාර පාලනයක් ! (EXCLUSIVE)
The Leader TV අද වීඩියෝ
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!