1200 x 80 DMirror

මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නැයි ජනාධිපතිවරයා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් කල ඉල්ලීම් එම අමාත්‍යවරුන් විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති තත්ත්වයක් තුල එම අමාත්‍ය ධුර බාර ගන්නැයි බන්ධුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ අමාත්‍යවරුන් ගෙන් ද ජනාධිපතිවරයා අද උදැසන ඉල්ලීම් කර තිබු බවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබු බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.


ඒ සම්බන්ධයෙන් කිසියම් හෝ යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි පමණක් බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මුදල් අමාත්‍ය ධුරයට අලුත් අමාත්‍යවරයකු අද පෙරවරුවේ පත්කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිට ඇත.

මුදල් අමාත්‍යධුරයට සුදුසු අයකු සොයා ගැනීමේ බරපතල අර්බුදයකට පත්ව සිටින ජනාධිපතිවරයා, ජාතික ලයිස්තුවේ සිටින වියත්මග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ආර්ථික විශේෂඥයකු මුදල් ඇමති ලෙස පත්කිරීම කෙරෙහි ද අවධානය යොමුකර ඇතැයි ද වාර්තාවේ. 

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය