නව  අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04)  දහවල් දිවුරුම් දුන්හ.


සභා නායක දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.

මුදල්  ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

කැබිනට්  මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර  පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය  පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍ය අලි සබ්රි යටතේ මුදල් අමාත්‍යංශය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර අමාත්‍යංශ ලේකම් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකුම ඉවත් කිරීමට ද නියමිත බව වාර්තාවේ.



මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි



මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධුරයෙන්  අද (04) පෙරවරුවේ  ඉල්ලා අස්විය.

ඔහු  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද පෙරවරුවේ යවා  ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින්  තමා ද  මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 

image 84ff27d674


The Leader TV අද වීඩියෝ 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්