පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීන්දුකර තිබේ.



ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි හිටපු ජේෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරු පිරිසක් හෙට (05) සිට පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීමට යයි.

එසේම ඔවුන් සියලුදෙනා හදිසි නිතිය සම්මත කිරීමට ආණ්ඩුව ගෙන යෝජනාවට සහය නොදීමට ද තීන්දු කර තිබේ.

ලාන්සාගෙන් ආණ්ඩුවට රතු එළියක් -! 


මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසන්නේ, විවිධ උපක්‍රම හරහා තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට උත්සහ කරන්නේ නම් ආණ්ඩුවේ බහුතරය නැති කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව හෙට (05) දිනයේ දී 50දෙනෙකුට අධික පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
 
 
අද (04) මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජනතාව ආණ්ඩුවට ගෙදර යන ලෙස පැවසීම ඉතා සාධාරණ කාරණයක් බවය. එම පීඩනය තේරුම් ගෙන ආණ්ඩුව ඉවත් විය යුතු බවත් පැවසු ඒ මහතා මේ මොහොතේ දේශපාලනය නොව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව ද කියා සිටියේය.
 
 
වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේද සඳහන් කළේය.

"ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ 50කට අධික පිරිසක් ස්වාධීන වෙලා, අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා, ආණ්ඩුව අයින්වෙලා විපක්ෂයේ ඕන කෙනෙක් ට ආරාධනා කරලා ඒ ආණ්ඩුව කරගෙන යන්න සහාය දෙන්න කියලා. ඉතා පැහැදිලිව කියන්නේ අද දවස තුළ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, හෙට පාර්ලිමේන්තුවේ අපි 50කට අධික සියලු පක්ෂ එකතු වෙලා පොහොට්ටුවේ විශේෂයෙන් අපි ස්වාධීන වෙනවා. එතකොට ආණ්ඩුවට 113 නැතුව ගියාම ආණ්ඩුව කොහොමත් විසුරුවා හරින්න වෙනවා. එතකොට ඕන කෙනෙක්ට ජනාධිපතිතුමාට පුළුවන් ආරාධනා කරන්න ආණ්ඩුවක් අරගෙන මේක කරගෙන යන්න කියලා."
 

 


 

The Leader TV අද වීඩියෝ 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්