පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ හෙට (05) දිනයේ දී පාර්ලිමේන්තුව තුළ පුටු පෙරළියක් සිදුවීමට නියමිතය.



හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් වෙනම අසුන් ගැනීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගැනීමට නියමිත බව පැවසේ.

ඒ අනුව, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය අහෝසි වී යාමේ අවධානමක් මතුව ඇත.

ආණ්ඩුවට බහුතර බලය ද නැති කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


බහුතරය පෙන්වන අයට බලය - ජනාධිපති කියයි

 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බවයි.  



තමාට අවශ්‍ය රට අස්ථාවර නොකිරීමට බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැස්වූ අතර එහිදී ඔහු මේ බව සඳහන් කර ඇත.



එහිදී අදහස් දක්වා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇත්තේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි වෛරයකින් පසුවන බවය.


ජනතාවගේ එම දැවෙන ප්‍රශ්නවලට වහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

අර්බුදය ආරම්භ වුයේ පොහොර ප්‍රශ්නය හේතුවෙන් බවත්, එය දිගින් දිගටම ගොස් ආණ්ඩුව කෙරෙහි වෛරයක් දක්වා වර්ධනය වූ බවත් , එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇත .

එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලය ඉවත් වී ඇති බවත්, ඒ සඳහා වෙනත් පක්ෂවල අය සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ප්‍රකාශ කර ඇත.

කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයින්ට ඇමතිධුර ලබා නොදෙන බවද අගමැතිවරයා එහිදී අවධානය කර ඇත.

 

 


The Leader TV අද වීඩියෝ 

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්