theleaderlk 01

බ්‍රිතාන්‍යයේ වෙසෙන පැතුම් කර්නර් කියන්නේ GotaGoHome විරෝධයේ 'මහ මොළකරු' ඔහු කියල.



ඔහු කියන විදියට ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක වෙන බව දැකල ඔහු ඒ ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ මීට අවුරුදු ගාණකට කලින් ඉඳල.

ලංකාවේ දැන් සිදුවෙමින් තියෙන්නේ System Change එකක් කියල තමයි ඔහු කියන්නේ.

යුද හමුදා සේවයෙන් පැනයාම ගැනත්, බැසිල් රාජපක්ෂගෙන් මුදල් අරගෙන ගෝඨාභයට විරුද්ධව කැම්පේන් එකක් ගෙනියන බවට කෙරෙන චෝදනාව ගැනත් මම ඔහුගෙන් ඇහුව.

ඒ වගේම ඔහුගේ බලාපොරොත්තුව ඊලඟ ජනපති වීමද කියලත් මම විමසුවා.

සම්පූර්ණ සාකච්ඡාව වීඩියෝවේ නරඹන්න.

 

 
කවුරු මහ මොලකරු වුනත්, නැතත් අද මේ විරෝධය ගෙනියන්නේ මහ පාරට බැහැපු මහ ජනතාව. ඒක ලංකාවේ ඉතිහාසයේ නොදැකපු අන්දමේ මහජන නැගිටීමක්. ඉතා සාමකාමීව ගෙනියන මේ විරෝධය ගැන ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඕනේ.

මුලින්ම 'ස ෆේල්' කියල කෑගහල කියන්න දිරියක් තිබුනේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට. ඊට පස්සේ හරීන්ට බරපතල ජීවිත තර්ජනත් ආව.

ඒ වගේම තමා මේ උද්ඝෝෂණ රැල්ල ආරම්භ වුනේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බය නැතුව ගෝඨාභයගේ ගෙදර ඉස්සරහට ගිහිල්ල කරපු උද්ඝෝෂණයෙන් කියන එකත් අමතක කරන්න බැහැ.

ඒ නිසා මේ මහජන නැගිටීමේ ගෞරවය ඒ හැමෝටම.

(සරෝජ් පතිරණ)

 

 


The Leader TV අද වීඩියෝ 

 
 

Leader Whats app