රාජපක්ෂ පවුලට අයත් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස සහ හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ

නිවාස වැටලීමට ජනතාව ක්‍රියා කළහ.

එහිදී කාල්ටන් නිවස සහ හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ සහ රොෂාන් රණසිංහට අයත් නිවාස වැටලීමට ගිය පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

චමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ නිමල් ලන්සා යන හිටපු අමාත්‍යවරුන්ගේ නිවාස වැටලීමටත් රෝහිත අබේගුණවර්ධනට අයත් කලුතර කාර්යාලය වැටලීමටත් ජනතාව ක්‍රියා කළහ.

මේ අතර කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක් අද පස්වරු 6.00 සිට මීගමුව ගල්කන්ද හංදියෙන් නවතා ජනතාව මේ වන විටත් රජයට විරෝධය පළ කරමින් සිටිති. 

 

විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති

රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහගේ බැඳිවැව  නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

පොලොන්නරුවේ සිටි පා ගමිනින්  පැමිණි විරොධතාකරුවන් අමාත්‍යවරයාගේ පොලොන්නරු කාර්යාලට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර  පසුව ඔවුන් පා ගමනින් අමාත්‍යවරයාගේ නිවෙසට ගොස් ඇත.

කලහකාරි ලෙස හැසිරෙන එම පිරිස මේ වන විටත් අමාත්‍යවරයාගේ නිවසේ රැඳී සිටින අතර නිවසේ විවිධ භාණ්ඩවලට හානි කර ඇතැයි ද වාර්තා වෙයි.

අමාත්‍යවරයා නිවසේ සිටියේ ද යන්න  ගැන තොරතුරු ලැබී නැත.

එම පිරිස නිවසින් ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව ද පොලිසිය සඳහන් කරයි.

 

 


The Leader TV අද වීඩියෝ 

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image