වත්මන් අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම බව පවසන ඩලස් අලහප්පෙරුම
හිටපු මාධ්‍ය අමාත්‍යවරයා, උදාවන එවැනි අවස්ථාවකදී කිසිදු වරප්‍රසාදයක් හෝ තනතුරක් භාර නොගෙන රට වෙනුවෙන් හා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මහජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමා අදිටන් කරගෙන සිටින බව කියා සිටියි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, 2022 අප්‍රේල් මස 03 වැනි දින සිට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙමිනි.
දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රට බරපතල අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන මේ මොහොතේ ඒයට විසඳුමක් ලෙස ලබාදිය හැකි වඩාත් ප්‍රායෝගික මෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගය ලෙස තමා යෝජනා කරනුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර නිශ්චිත කාලයක් සඳහා භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම බව ඔහු විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් වේ.
උදාවන එවැනි අවස්ථාවකදී කිසිදු වරප්‍රසාදයක් හෝ තනතුරක් භාර නොගෙන රට වෙනුවෙන් හා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මහජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට ද තමා අදිටන් කරගෙන සිටින බවද හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
පාස්කු සිරාට උන්හිටි තැන් නැතිවෙයි ? | මොණරවිලගේ ලියමන
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!