අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ දේවාලයට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි

විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

එම කාන්තාවගේ දේවාලය පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ දේවාලයට හා අවට ප්‍රදේශයට මෙන්ම නිවසටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කර තිබේ.

ඥානක්කා නමැති කාන්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මෙරට දේශපාලනඥයින් රැසකට උපදෙස් දෙන්නියක් ලෙස සැලකෙන අතර ඔවුන් විසින් ඇයව හඳුන්වන්නේ ඥාන මෑණියන් ලෙසිනි.


හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් ගේ නිවසට දැඩි හානි


මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ පොළොන්නරුව, බැඳීවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ දී විරෝධතාකරුවන් විසින් සිදුකරන ලද පහරදීමකින් නිවසට සහ එහි වාහන වලට දැඩි හානි සිදුව ඇත.

මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පොලිසිය සහ යුධ හමුදාව යොදවා තිබේ.

olk






සබැඳි පුවත් :


රාජපක්ෂ පවුලේ කාල්ටන් නිවස සහ ඇමතිවරුන්ගේ නිවාස වටලයි


The Leader TV අද වීඩියෝ 


අනෝමා අනේ මා ! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්