theleaderlk 01

රාජපක්ෂවරුන් පලවා හැරිම සඳහා විදී බැස සිටින තරුණ තරුණියන් අද දිනයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇතැයි

වාර්තා වීමත් සමග එම ආයතන අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

අද දිනයේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික රුපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අසලට එන්නැයි සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු වෙමින් පවතී.

ආණ්ඩුවට පක්ෂපාති පෞද්ගලික මාධ්‍ය ආයතනයක් අවට ද ඊයේ දිනයේ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර ඒ අනුව අද දිනයේ දී පෞද්ගලික මාධ්‍ය ආයතන වලට ද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට නියමිත බව වාර්තාවේ.

ජනමධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ (04) දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලිඛිතව යොමුකර තිබු අතර ඉදිරි දින කිහිපය තුලදී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමට නියමිත බවද පැවසේ.

ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී ඊයේ (4) දිනය පුරා පැවැත්විණි.


සබැඳි පුවත් :


'භාරකාර ආණ්ඩුවක තනතුරු බාර ගන්නේ නැ' - හිටපු ඇමති ඩලස්



 

නවතම පුවත්