රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ යෝජනාවක්

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අද (අප්‍රේල් 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත ප්‍රේමදාස පැවසුවේ පොදු ජනතාවගේ හඬ සහ 69 ලක්ෂයේ බලාපොරොත්තු පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතු බවයි. එම බලාපොරොත්තු ඉටුකිරීමට නම් ජනාධිපතිගේ සිට ආණ්ඩුඑවෙ සියලුම දෙනා ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් සතියක් තුළ රැගෙන එන ලෙසත් ඔහු පැවසීය.

''තනි මොලෙන් නෙමෙයි, මොළ හතෙන් ප්‍රශ්න විසඳනවා කිවුවා. ජනතාව කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ජනපතිගේ සිට මේ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. අපි එන්නේ නෑ තාවකාලික ඇමතිකම් ගන්න. ඇමති අංතට්ටු දාගන්න අපේ කණ්ඩායමට රුදාවක් නෑ. පුලුවන්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් ගේන්න. '' යනුවෙන් සජිත් ප්‍රේමදාස පැවසුවේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේය.

 
ආණ්ඩුවේ බහුතරය අහිමිවෙයි ද ?

අද දින පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී තෙපාර්ශවයක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නිවේදනය කෙරුණි.

ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනෙකු (42) ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනෙක්, ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල 15 දෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ මෙයට පෙර ස්වාදීනව කටයුතුකරන බවට ප්‍රකාශ කළ විජේදාස රාජපක්ෂ ඇතුළත් වෙති.

මින් පෙර රිෂාර්ඩ් බදුර්දීන්ගේ නායකත්වය දරන අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙකුත් සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ ගේ සහය ලබාගෙන 156 දෙනෙකු ගේ සහය ආණ්ඩු පක්ෂය ලබාගත්තද නියෝජනය කළද පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුයේ මන්ත්‍රී ආසන154කි.

මේ වන විට මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනෙකු ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහළ බැස  ඇත.


ආණ්ඩුවට බහුතරය තියෙනවා - සභානායක

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේ තමන්ට තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව යි.

"විපක්ෂයට බහුතරය ඇත්නම් ජනාධිපතිවරයාට දන්වා නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි" බව ද ඔහු කියා සිටියේ ය.

නැතහොත්, යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා හැකි බව ද ඔහු පැවසීය.

එ⁣හෙත් ආණ්ඩුවට බහුතරය ඇති බැවින් එවැනි අවශ්‍යතාවක් නැතැ යි ඔහු සඳහන් කළේ ය.

 (උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 


 

The Leader TV අද වීඩියෝ 
 
 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්