1200 x 80 DMirror

විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි.



දහස් ගනනක් පිරිස නිල අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිතරව සිටිති.

නිල නිවස අසල මේ වන විට අතිරේක ආරක්‍ෂක බල ඇණි යොදවා ආරක්‍ෂාව තර කර ඇත.

 
විරෝධතාකරුවන්ට කඩු ප්‍රහාරයක් - හයක් රෝහලේ !

මේ අතර ඊයේ (4) දින තංගල්ල කාල්ටන් නිවස අසල උද්ඝෝෂණයක් පැවැත් වු තරුණ තරුණියන් පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් කඩු සහා බේස්බෝල් පිති වලින් පහර දි තිබේ.

ඊයේ දින තංගල්ල නගරයේ පිහිටි කාල්ටන් නිවස අසල පැවති විරෝධතාව විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කදුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කල අවස්තාවේදි මෙම මැර කණ්ඩායම කඩු සහා බේස්බෝල් පිති රැගෙන තරුන තරුනියන් පසුපස එලවාගෙන ගොස් පහර දි ඇති අතර එම ප්‍රහාර වලින් තුවාල ලැබු තරුනයන් හය දෙනෙකු තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගේ සොහොයුරෙක්ද මෙම සංවිධානාත්මක මැර කණ්ඩායමේ සිටි බව විරෝධතාකරුවන් පැවසිය.

 


"සාමකාමීව සිටීමට විරෝධාකරුවන් දිරිගන්වනවා" - ඇමෙරිකානු තානාපති

ඇමෙරිකානු තානාපති ජුලි චුන්ග් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක ස්ථානයක සිටින බැවින් සෑම හඬක්ම වැදගත් වන බවයි.

හඬ සහ සහයෝගීතාවය භාවිතා කරමින් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින, විරෝධතාකරුවන්ට සාමකාමීව සිටීන ලෙසත් තමා දිරිගන්වන බවද ඇය පැවසුවාය.

drtydfhy

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය