පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කළ පක්ෂ 10 සන්ධානයේ නායකයකු වන විමල් විරවංශට එරෙහිව ඔහුගේ නිවස අසල විරෝධතාවයක් සංවිධානය කිරීමට බැසිල්වාදී කණ්ඩායම් දැරූ උත්සහයක්

අසාර්ථක වී තිබේ.

විමල් විරවංශ මන්ත්‍රීවරයා ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුව අමතා, ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දී සිටියේය.  

රට වත්මන්  තත්ත්වයට ඇද දැමූ පුද්ගලයා තවමත් පාර්ලිමේන්තුවේ මුල් පෙළ අසුනක සිටින බව කී විමල් වීරවංශ මේ තත්ත්වය වහා වෙනස් නොකොලොත් රට අරාජික විය හැකි බවද සඳහන් කළේය.

ඔහු එම ප්‍රකාශය සිදුකර මොහොතකට පසු නාඳුන පුද්ගලයින් කිහිපදෙනෙකු විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ හෝකන්දර නිවාස අසලට වාහන වලින් පැමිණ උද්ඝෝෂණයක් කිරීමට ප්‍රදේශවාසීන් රැස්කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු පසුබැස ගොස් තිබේ.

එම නාදුනන පුද්ගලයින් පැමිණ ඇත්තේ පහත අංක දරන වාහන වලිනි.

Cp PD 2491
Wp BCE 3283
BHF 3832
54-3997



ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසිය.



බැසිල් මන්ත්‍රීවරු කීපදෙනෙක් උස්සයි !



ඊයේ (05) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 43 දෙනෙකු ස්වාධීන වූ නමුත් ඉන් කිහිප දෙනෙකු යළි ආණ්ඩු පක්ෂය වෙත දිනා ගැනීමට බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමත්ව තිබිණ.

වාසුදේව නානායක්කාරගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මන්ත්‍රීවරයකු වන මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන ඉන් එක් අයෙකි.

ස්වාධින වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ම තනතුරු හා විවිධ වරප්‍රසාද ලබාදෙමින් ආණ්ඩුවට එක්කර ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් මේවනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්