theleaderlk 01

විධායන ජනාධිපති ක්‍රමය මෙම සතිය තුළ අහෝසි කළ යුතු බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) පාර්ලිමේන්තුවට යෝජනාකර සිටියේය.


ඊයේ 05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා, මේ මොහොතේ මහ පාරේ නියෝජනය කරන හදගැස්ම පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයින්ගේ අවධානයට ලක්විය යුතුබව කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''අපි සියලුදෙනා අවබෝධ කරගන්න ඕනී මේ ඇතුලේ නියෝජනය වෙන්න ඕනී මහපාරේ හදගැස්ම. ලක්ෂ 220ක් වූ මේ රටේ ජනතාවගේ වේදනාව, දුක, ඔවුන්ගේ බලාපොරොත්තු අද මහපාරේ කියවෙනවා. මහපාරේ හඬට පටහැනි හඬක් මේ සභාව තුල තිබිය යුතු නැහැ. අපි ඉන්නේ මෙතන ජනතාව නියෝජනය කරන්න.

අද මේ රටේ විශාල ජන කොට්ඨාසයක් මහපාරට බැහැලා කිසිදු බියක්, සැකයක් නැතිව හදීසි නීතිය කඩකරලා, සමාජ මාධ්‍ය වෙත එල්ල කරපු ඒ මාරු පහර අභිබවා ගිහින් අද මුලු රටම එක මිටට එකක් කියනවා.



277670700 2182914731860259 3885572498170030284 n



ඔවුන් කියන්නේ මේ යන විදියට යන්න බැහැ. මේ කණ්ඩායමට මේක කරන්න බෑ. ඒකෙන් බැහැර වෙලා උප්පරවැට්ටි තුලින් වෙනත් මතිමතාන්තර ස්ථාපනය කරන්න හදනවා නම් එළියේ මහජන මතය පයට පෑගෙන දූවිලි තරම්වත් ගණන් නොගෙන මේක ඇතුලේ විවිධ යෝජනා එනවා නම් පුදුමයක් නෙවෙයිනේ 225ම එපා කියන එක.


මහපාරේ මතය, පොදු ජනයාගේ හද ගැස්ම දුරලන්නට අපි වැඩපිළිවෙලක් යොදන්න ඕනී. මෙතන අවශ්‍ය වන්නේ අහවලා අර තනතුරේ ඉන්නවා, අහවලා අදුම් සූට් මාරු කර ගන්නවා, අහවලා ආයතන බෙදා ගන්නවා වැනි මේ පහත් නීච, තුච්ච ගනුදෙනු මුලු රටම ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. රටම කියනවා අලුත් ආරම්භයක් අවශ්‍යයි කියලා.

මේ ආරම්භය අවශ්‍ය නම් 69 ලක්ෂයක ජනාධිපතිවරණ සහ 68 ලක්ෂයක මහ මැතිවරණ ජන වරම තේරුම් ගන්න ඕනී. දැන් මේ 150ක් එක් පැත්තක ඉදගෙන නේද 20 වැනි සංශෝධනය සම්මත කළේ.

මම පැහැදිලිව මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි දැන් කාලය එළැඹිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. අපි මේක අවස්තාවක් කර ගමු.

අගමැතිතුමාට මතකද 20 වැනි සංශෝධනය අවස්ථාවේ කිව්වා ව්‍යවස්ථා හදන්න ඕනී අගමැති පඹයා කරලා ජනාධිපති ශක්තිමත් කිරීමට හෝ ජනාධිපති පඹයා කරලා අගමැති ශක්තිමක් කරන්න නෙවෙයි කියලා. එහෙම නැතිව අපි කිව්වා සංවරණ හා තුලන ක්‍රමයක් ගේන්න කියලා. ඔබතුමන්ලාගේ පැත්තෙම අය අකමැති වුනා ඔබතුමන්ලාට බලයක් දෙනවාට.



ඒ නිසා කරුණාකරලා අපි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕනී. ඒවා වෙනස් කරලා ඕන ඕන විදියට නටන්න පුලුවන් විධායක අගමැතිවරයෙක් පත් කරලත් හරියන්නේ නෑ. මහපොලොවේ මතය මෙතන නියෝජනය කරන්න ඕනී. ඒක තමයි ආණ්ඩුව වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිවරයාගේ සිට මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනී.



අපි විශ්වාස කරන්නේ නෑ මේ පැත්තේ ඉන්න සියලුදෙනාම හොඳ අය, ඔය පැත්තේ ඉන්න සියලුදෙනාම නරක අය කියලා. එහෙම පරිනත නොවන මතයක අපි නැහැ.''

  

නවතම පුවත්