පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය කිසිදු ලෙසකින් වෙනස් නොකරන බව එම පක්ෂයේ සභාපති, හිටපු

සභාපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 14 දෙනා ඊයේ (05) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවූවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට හේතු කාරණා ජනාධිපතිවරයා විසින් එහිදී විමසා තිබු අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස රන්ජිත් සියඹලාපිටිය කටයුතු කරන අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අන්ගජන් රාමනාදන් කටයුතු කරයි. ඔවුන් දෙදෙනා එම තනතුරු වලට පත්වුයේ ඡන්දයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග, ඔවුන් දෙදෙනාද මෙවනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

වර්තමාන තත්ත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව පිළිනොගන්නා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරනය කළ බව හිටපු ජනාධිපතිවරයා මෙම හමුවේදී ජනාධිපතිවරයා වෙත පැහැදිලිකර තිබේ.

M 3

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගත්තේය.

හදිසි නීතිය පැනවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකඟ වන්නේ නැතැයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාව තව තවත් පීඩනයට පත්වන අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයට යොමු යොමු වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්