පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහය පළ කිරිමට තීරණය කර තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ ලාල් විජේනායක පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන අනුරකුමාර දිසානායක මහතාට සහයෝගය දෙමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරිමට ද මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළ බව හෙතෙම කීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න කීවේ අනුරකුමාර දිසානායකට ඡන්දය ලබාදී දෙවන මනාපයක් ලකුණූ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දෙවන මනාපය ගෝඨාබයට එරෙහි ශක්තිමත්ම අපේක්ෂකයා වෙනුවෙන් සළකුණු කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්