1200 x 80 DMirror

ආණ්ඩුවට ගෙදර යන්නැයි දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ සමාජය අද පාරට බැස  

බල කරමින් සිටිනවා. රට ලේ විලක් වීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයැයි එක්සත් ජාතික ෂක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද සවස මාතර දී පැවසීය.

“අදුරු අනාගතය පහන් කරන්නට- ජාතික එකගතාවයක්-ජාතික ප්‍රතිපත්තියක්”යන මැයෙන් මාතර කොටු පවුර ඉදිරිපිට දී පැවැත්වු සත්‍යග්‍රහ අවසානයේ මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් ඔහු ඒ බව කීය.

එජාප නියෝජ්‍ය නායකයා තවදුරටත් මෙසේද  පැවසිය.

“මාතර විතරක් නෙවි මුලු රටේම ජනතාව අද ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙසයි. ඒ නිසා අපි කියන්නෙත් ජනතාවගේ හඬට කන්දී ගෙදර යන්න. නැත්නම් මේ අර්බුදය කොහෙන් නවතීද කියන්න බැහැ. ජනාධිපතිවරයාගේ හා මැති ඇමති මන්ත්‍රී නිවාස ජනතාව වටලන්න පටන් ගෙන තිබෙනවා.

මිනිස්සු දේශපාලන වෙනසක් ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව පෙරේදා පත් කල ඇමතිවරයා ඊයේ ඉල්ලා අස් වෙනවා. මහාමාර්ග ඇමතිකම ජෝන්ටන් ප්‍රනාන්දු මහත්තයටම දීලා තියෙනවා. මේ වෙලාවේ තාර ගෙන්වනවට වඩා දැවෙන ප්‍රශ්න ජනතාවට තිබෙනවා. මේ අර්බුදය අස්සෙත් කොමිස් ගහ ගන්න පුලුවන් වැඩ තමයි මේ ආණ්ඩුව කරන්නේ.

ඒවාට එරෙහිවයි අද ජනතාව වීඨී බැස තිබෙන්නේ. 225 ම එපා කියන තත්වයට ඔවුන් පත් වෙලා.


රටේ ආර්ථිකය හදන්න පුලුවන් නිවැරදි දැක්මක් තියෙන්නේ ජාත්‍යන්තරය සමග හොදට ගණුදෙනු කරන්න පුලුවන් විශ්වාසයක් තියෙන නායකයකුට ඉන්නේ අද රනිල් වික්‍රමසිංහ විතරයි. ඔහු අද රටේ නායකයා වී සිටියා නම් මෙවැනි අර්බුදයකට රට මුහුණ පාන්නේ නැහැ.



ජාතික ආණ්ඩුවක් හැදුවත් 20 වැනි සංශෝධනය තියෙනකම් ඒකෙන් බලාපොරොත්තු වන දේ ඉෂ්ඨ වෙන්නේ නෑ. මුලු විධායක බලයම ජනාධිපතිවරයා අතෙයි තියෙන්නේ.20 වැනි සංශෝධනය ඉවත් කර ගත්තොත් යම් සාර්ථකත්වයක් ඇති කර ගන්න පුලුවන් වේවි.

එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසනයේ ප්‍රධාන සංවිධායක හා මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත ඇතුළු ක්‍රියාකාරීහු පිරිසක් එය සංවිධානය කළහ 

 

 

සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් !

මේ අතර සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ, ජනතා අරගලය තුළට ත්‍රස්තවාදය ඔබ්බවා සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් රජයට තිබේදැයි සැක මතුවන බවයි.

කතෝලික සභාව ජනතාව සමග සිටින අතර රජය ජනතා හඬට සවන්දිය යුතු බව අප්‍රේල් 05 වැනිදා කොළඹදී පැවැති විරෝධතාවයක් අතරතුර පියතුමා ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමඟ සාමකාමී විරෝධතාවයක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදුවුණි.

 

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය