බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මුල්‍ය සහ ආර්ථිකව පිළිබඳ ජාත්‍යන්තර

අත්දැකීම් ඇති නිලධාරීන් තිදෙනකු පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ලෝක බැංකුවේ හිටපු වැඩබලන ප්‍රධාන ආර්ථික විද්‍යාඥා ශාන්ත දේවරාජන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ශර්මිණි කුරේ යන මහත්ම මහත්මීන් එම කණ්ඩායමට පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යෑම එම කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරය වේ.

 

IMF සමඟ රජය සිදු කෙරෙන සාකච්ඡාවලදී සහය වීම සඳහා ස්වාධීන උපදේශක මණ්ඩලයක් පත්කරන්නැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සර්ව පාක්ෂික සමුළුවේදී යෝජනාකර සිටි අතර අනතුරුව ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර තිබිණ.

 

කෙසේ වෙතත්, මෙම කමිටුව පසුගිය සතියේ සිට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග අදහස් හුවමාරු කරගමිනි සිටි බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.


ජනාධිපතිවරයා බරපතල අර්බුදය !


මුදල් ඇමැති, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති ආදී මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ මුලිකම වගකීම් හොඹවන සියලුදෙනා ඉල්ලා අස්වී ඇති මොහොතක ආණ්ඩුවේ කිසිඳු මන්ත්‍රීවරයකු මුදල් ඇමැති ධුරය භාර ගැනීමට කැමැත්තක් දක්වා නොමැති වීමෙන් ජනාධිපතිවරයා බරපතල අර්බුදයකට ගොස් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණද ඔහු පැය 24ක් යාමටත් පෙර ඉල්ලා අස්විය.

රටේ ප්‍රධානතම මුල්‍ය තනතුරු තුන පුරප්පාඩු වෙමින් පවතින බැවින් මෙම ත්‍රිපුද්ගල කමිටුව තවමත් එම කාර්යය භාර ගැනීමට කැමැත්තෙන් සිටීද නැද්ද යන්න පිළිබඳව දැන් ප්‍රශ්න මතුව තිබේ.

මෙම විශේෂඥයින් තිදෙනාගේ නම් නියමිත කාලයට පෙර නිකුත් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත්තේ රජයේ මන්ත්‍රීවරයෙකුට මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට දිරිගැන්වීමක් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව රජය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

IMF වසන්ත සැසිවාරය අප්‍රේල් 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබියදී, ජාත්‍යන්තර ආයතනය සමග සාකච්ඡා කිරීම සඳහා විශ්වසනීය ආර්ථික ප්‍රකෘති සැලැස්මක් සම්පාදනය කිරීමට රජයට කාලය ප්‍රමානවත් වේදැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ සැකසංකා මතුව තිබේ.

 

රට තුළ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්තාවයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන නොසන්සුන්තාව සමීපව නිරීක්ෂණය කරන බවයි. විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණයක් ඉල්ලා සිටීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට යනු ඇත්ද යන්න පිළිබඳව කනස්සල්ල මතු වී තිබේ.

 

පකිස්ථානයේ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු IMF ප්‍රකාශ කළේ නව රජයක් තෝරා පත් කර ගන්නා තෙක් ඔවුන්ගේ වැඩපිළිවෙල අත්හිටුවන බවයි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්