කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ (අප්‍රේල්
06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ ආර්ථික විශේෂඥයකු හෙයින් ඔහු රටේ ප්‍රශ්නය විසඳුණු ඇති බවයි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ අරම්භ වූ දෙදින පාර්ලිමේන්තු විවාදයේදීය.
මන්ත්‍රීවරයා පවසා සිටියේ "මම කියන්නෙ පෞද්ගලික මතය, කවුරුත් නැත්නම් භාර ගන්න හර්ෂද සිල්වාට දෙන්න ජනාධිපති කම. ප්‍රශ්නයක් නැහැ. මාස 6ටයි. මාස 06කට ජනාධිපතිකම දෙනවා. අපේ නායක තුමා ඉල්ලන් නැහැ. එතුමා බලාගෙන ඉන්නවා ඊඟාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. මේ රට කරන්න නැත්නම් තව මාස 06ක් අපි කොහොමද මේකේ ඉන්නේ. ඉතින් මේක තේරෙන් නැති දේශපාලනය කරනවා නම්, අනුර මහත්තය හිතනවා නම් එයා දිනනවා කියලා. සජිත් මහත්තයා හිතනවා නම් එයා දිනවා කියලා. නාමල් බේබි හිතනවා නම් එයා දිනනවා කියලා. පට්ට ජරාවක් නෙමෙයිද මේ දේශපාලනය."
මේක සපායක් නෙමෙයිද?
ජනතාව කොපමණ කාලයක් පාරේ රැඳී සිටියත් පවතින ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය පාර්ලිමේන්තුව තුළින් ලබාදිය යුතු බව තම අදහස යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"මං මුලින්ම කිව්වා ඒ කාලේ මේක සාපයක් කියලා.. මම මුල ඉදින් කිව්වා සර් ෆෙල් වෙනවා කියලා පළවෙනි අවුරුද්දේ කියලා. ඒත් අපි කුහක වුණේ නැහැ අපි එළියට ඇවිල්ලා කිව්වා සර්ට දෙවැනි අවුරුද්දේ පාස්වෙන්න පුළුවන්. සර්ගේ ළඟ ඉන්න මෙන්ටල් සෙට් එකක් ඒ පස්දෙනාගේ නම්ටිකත් කිව්වා අපි.
සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවකි.
"අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනාධිපති කෙනෙක් මේ තරම් පරිහානියට පත්වෙච්ච තැනක් මේ ලෝක ඉතිහාසයේ නැහැ. ඒක සපායක් නෙමෙයිද? ඒක තමයි සාපයක් කියන්නේ. පෙර කරපු වැරැද්දක්. බලය ගන්න අර්බුදයක් නිර්මාණය කිරීම. ඒ මිනිහා අර්බුදයෙන්ම නැතිවී යාම මහා ලොකු සලකුණක් බවට පත්වෙලා තියෙනවා." හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.
''මගේ පක්ෂයත් එහෙමයි, ලැජ්ජයි කියන්න.''
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ "ලංකාවේ මිනිස්සු මන්ත්‍රීවරුන් ඔක්කොම දෙස බලන්නෙ එක ඇහෙන්. ඔක්කම හොරු. ඔක්කම මොනවහරි බිස්නස් කරන එවුන්. ඔක්කොම මොනව හරි දූෂණ වංචා කරන මිනිස්සු. හැබැයි දෙපැත්තමෙ ඉන්නවා හොඳ මිනිස්සු. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අපි ට බැහැ සාමුහිකව එකතුවෙන්න. මෙච්චර ප්‍රශ්න වෙලා පාරේ මිනිස්සු මැරෙනවා. මේ රටේ මිනිස්සුන්ට බැහැ. මේ පක්ෂවලට බැහැ එකුතුවෙලා කරන්න. මංමේ කියන්නේ මගේ පක්ෂයත් එහෙමයි, ලැජ්ජයි කියන්න."
දැන් කියනවා ගෝඨභය රාජපක්ෂ මහතා ගියොත් මොකද කරන්නේ. කව්ද කරන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා ප්‍රතිපාදන තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත් කරන්න. හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේ "තව දවස් දහයකින් රීපේමන්ට් එකක් තියෙනවා. රටේ ජනාධිපතිවරයා හොල්මන්වෙලා . අගමැති හොල්මන් වෙලා. ඇමති මණ්ඩලය සීසීකඩ වෙලා. මේ පාර්ලිමේන්තුව ගොබ්බ තැනක් වෙලා. අද බොහොම අසතුටුයි කියන්න. දුකයි. කනගාටුයි. මන්ත්‍රීවරයෙක් නොවී හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. 225ම ගෙදර යන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. 225 පත් කරන්නේ මේ රටේ මහජනතාව. මහජනතාවට අපි කළ යුත්තේ, මේ පර්ලිමේන්තුව දැන් එක තැනකට එනන්න ඕනේ. රට සංවර්ධනය කරන්න නම්. මම විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට ලැජ්ජා වෙනවා මේ වෙලාව කරන සමහර වැඩ ගැන."
හරීන් ගේ කතාව ගැන සජිත් කනස්සල්ලෙන් !
කෙසේවුවද සමගි ජන බලවේගය අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ සජබ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය ගැන එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ද පසුගියදා මාධ්‍ය සාකච්ජාවක දී සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන වැඩපිළිවෙල දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ, ''මේක බොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි.'' කියාය. වත්මන් අර්බුදය විසඳීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කරන යෝජනා අනුමත කරමින් ඔහු එහිදී අදහස් දැක්විය.
එසේම ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමසිංහ හා කබීර් හෂීම් මන්ත්‍රීවරුන් ද සජබ නායකයා ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ අදහස් මාධ්‍ය හමු වලදී ප්‍රකාශ කරමින් සිටින බවට සජිත්වාදීන් චෝදනා කරති.
සබැඳි ලිපි :
මනුෂගේ කතාව සජිත්ගේ මතයට පරස්පරයි ! - රනිල් කියන කතාව ම කියයි !
මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද? - මහාචාර්ය රොහාන් සමරජීව