ඇමතිවරුන් ඉල්ලා අස්වුබවට කෙරෙන ප්‍රකාශ සැකකටයුතු බව දේශපාලන ආරන්චි මාර්ග පවසයි.


බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව පැවසුවද මේවනවිටත් රජයේ මුල්‍ය කටයුතු මෙහෙයවනු ලබන්නේ බැසිල් රාජපක්ෂ විසිනි.

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් මුදල් අච්චු ගැසීම අඛණ්ඩව සිදු වෙමින් පවති. 2022 අප්‍රේල් 6 (ඊයේ දිනයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කියයි.

එසේම මේවනවිටත් අමාත්‍යංශ නිලධාරීන්ට නියෝග ලබාදෙමින් රජයේ විධායක බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ ද බැසිල් රාජපක්ෂ විසිනි.



පැමිණීමේ ලේඛනයකට අත්සන් කරන අකාරයෙන් අමාත්‍යවරුන් බොහෝදෙනෙකු ඉල්ලා අස්වනබවට පොදු ලේඛණයකට අත්සන් කර ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇතත්, බොහෝ අමාත්‍යවරුන් සිය පෞද්ගලික කාර්යාල හරහා මේවනවිටත් අමාත්‍යංශ රාජකාරි සිදුකරමින් සිටිති. අස්වූවා යැයි කියන කිසිඳු ඇමතිවරයකු මේ දක්වා තමන්සතු නිල වාහන හෝ රජයේ දේපල කිසිවක් බාරදීමක් සිදුකර නොමැත.



ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ ඉදිරිදින කිහිපය තුලදී යලි මුදල් අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වුවහොත් අගමැති ධුරය බාර ගැනීමටත්, ජනාධිපතිවරයා සිය තනතුරින් ඉවත් වුවහොත් ජනාධිපති ධුරය මහාචාර්ය ජී.එල්. පිරිස් ට පවරා ඔහු හරහා රට පාලනය කිරීමටත් බැසිල් රාජපක්ෂගේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඔහු එම බල හුවමරුව සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය තවදුරටත් සහතික කර ගැනීම සඳහා ආණ්ඩුවේ සිට ස්වාධින වූ මන්ත්‍රීවරුන් අතරින් කිහිපදෙනෙකු සමගත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගත් පසුගිය දින දෙකෙහි තනි තනි වශයෙන් රහස් සාකච්ජා පවත්වා ඇතැයි ද වාර්තාවේ.



ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් !



ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් දියත් වී ඇතැයි lankasara.com වාර්තා කරයි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.




''අන්තර්වාර පාලනයක් සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවය දක්වා නැති පසුබිමක ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදුවිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ  ප්‍රකාශ කළත්, ඔහු ඉල්ලා අස්නොවන බව ප්‍රකාශ වී තිබේ.    

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දෝෂාභියෝගයෙන් ගලවා ගැනීමට පොරොන්දු වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ, මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධව අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් ඇති බවය. කෙසේ වෙතත් මේ අසීරු මොහොතේත් පාර්ලිමේන්තුව තුළ බලය සම්බන්ධව ඇති විසම්මුතිය තුළ එය තරමක් සංකීර්ණ කටයුත්තක් වී ඇතැයි ඔහු කීවේය.



දැනට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇත්තේ ආසන 117කි. ආණ්ඩු පක්ෂයේ 159ක් වූ මන්ත්‍රී සංඛ්‍යවෙන් කතකානායකවරයා හැරුණුවිට පැවතියේ මන්ත්‍රී ආසන 158ක්.  අණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී සංඛ්‍යාව 41කි.



එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 මේ වනවිට දෝෂාභියෝගයක් සඳහා සූදානම් නැති බව පවසා ඇත.

මේ තත්වය තුළ දෝෂාභියෝගය සඳහා තුනෙක් දෙකක බහුතරය එකතු කරගැනීම පහසු එකක් නොවන බව වාර්තා වේ. ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුන අද සාකච්ඡාවක් සඳහා සූදානමින් ඇත.''


''මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා කළා '' - ජනාධිපති මාධ්‍ය අංශය



කෙසේවුවද ජනාධිපතිවරයා ද සිය බලය තහවුරු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග පවසති.

බැසිල් විරෝධය මත ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනාධිපතිවරයාට සහය පලකිරීමට මේවනවිට එකඟත්වය පළකර ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රීති ඝෝෂා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අධිභාර පනත් කෙටුම්පත විවාද කරන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට මන්ත්‍රීවරුන් අත්පොලසන් දෙමින් සතුටට පත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.

කෙටි වෙලාවක් පාර්ලිමේන්තු සභාගැබේ රැදී සිටි ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇත.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මාස 3 කට වරක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සභාවාරයට පැමිණිය යුතු වන අතර එසේ නොවුනොත් එය ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට පදනමක් විය හැකි බව news19.lk වාර්තා කර තිබේ.

 

 



FB IMG 1649309439144

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image