ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කර මේවනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන පක්ෂ දහයේ (10) නියෝජිතයින් හා විපක්ෂ නායකයා අතර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේ
විපක්ෂනායක කාර්යාලය තුලදී අද (08) දහවල් පැවැත්විණ.

පක්ෂ 10 නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස් හා ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර විපක්ෂ නායකවරයා සමග සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා එම සාකච්ජාවට එක්ව සිටියේය.

රටේ අරාජිකත්වය නැතිකර වහාම ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වී ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


සජබෙන් රජයට එරෙහිව විශ්වාසභංගයක්



මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුයේ, ආණ්ඩුව නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව යි.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම අද ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

සියලුම දෙනා නැවත ජනතාව ඉදිරියට යෑමට හැකි පරිදි තීන්දු ගත යුතුව ඇතැයි එහිදී පැවසූ විපක්ෂනායකවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යුතු බවද සඳහන් කළේය.
 
 

 
The Leader TV අද වීඩියෝ 

 
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්