ඉහල යන ජිවන වියදම හමුවේ පීඩාවට පත් දහස් ගණන් වතු කම්කරුවන් ජනාධිපතිවරයා ඇතුළු

ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බළකරමින්  විදී බැස තිබේ.

''රටේ ආර්ථිකයට පණ දෙන වතු කම්කරු ජනතාවත් මේ ආණ්ඩුවෙන් රට බේරා ගන්න දැන් වීදියට ඇවිත් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන්න මහන්සි වුනු අයත් දැන් එයාව ගෙදර යවන්න හදනවා,'' යැයි ජාතික කම්කරු සංගමයේ නායක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

තලවාකැලේ නගරට ඊයේ [7] රැස්වූ දහස් ගණන් වතු කම්කරුවෝ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණය කළහ. විරෝධතාකරුවන් ඇමතු දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ රට පුරා ජනතාවගෙන් නැගෙන විරෝධය හමුවේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

 ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් ලෙස සිටී ලංකා කම්කරු කොංග්‍රසය තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබානොදෙන බවට පසුගිය දා ප්‍රකාශ කර තිබිණි. ඒ ගැන සඳහන් කළ ජාතික කම්කරු සංගම් නායකයා කියා සිටියේ ඔවුන්ට ඇමැතිකමක් ලබා දුන හොත් ජනතාව අත්හැර යළි ආණ්ඩුවට එක්විම අනිවාර්ය බවයි.

 

''ජනතාව උද්ඝෝෂණය කරන එකට බයවෙලා කඳුකරයේ ඉන්න දේශපාලකයෝ ආණ්ඩුවෙන් ඉවත් වෙලා. ඒක දේශපාලන නාට්‍ය රඟ දැක්වීමක්. මේවා අපි තේරුම් ගන්න ඕනෑ. මේ අයට ආණ්ඩුව ඇවිත් ඇමැතිකමක් දුන්නොත් ජනතාව අහකට තල්ලු කරලා `බල්ටි`ගහලා ආණ්ඩුවට එකතු වෙන්නේ.''



ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමත්, එම ද්‍රව්‍ය හිඟයත් නිසා පීඩාවට පත් ජනතාව ආණ්ඩුවට එරෙහිව පවත්වන උද්ඝෝෂණය ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටින්නේ ඒවාට විසදුම් ලබා දීමට රාජපක්‍ෂ ආණ්ඩුව අසමත් වී ඇතිබවයි.

''ජනතා ඉල්ලීම් වලට කන් නොදී ජනාධිපති හා එයාගේ ආණ්ඩුව තවමත් කිසිම දෙයක් කරන්නේ නැතුව බලයේ රැඳී ඉන්නවා.''

``මේ ආණ්ඩුව ගෙදර යනකම් අපි වතු කම්කරු ජනතාව සමග උද්ඝෝෂණයේ ඉන්නවා.`

 

The Leader TV අද වීඩියෝ 
 
 
  
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්