1200 x 80 DMirror

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය පළකරමින් ජනතාව පාරට බස්සන්නයි

පොහොට්ටු පක්ෂයේ බලධාරීන් විසින් එම පක්ෂයේ ප්‍රාදේශීය සභා නියෝජිතයින්ට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට දැනුම්දී ඇත.

එම මෙහෙයුම පොහොට්ටු පක්ෂයේ නෙලුම් මාවත කාර්යාලය මගින් සංවිධානය කර තිබේ.

ඒ අනුව, ජනපති ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් අද (අප්‍රේල් 8) කොළඹදී පා ගමනක් සංවිධානය කර තිබිණ.

ස්වයං රැකියාවල නිරත පිරිසක් ඊට සහභාගී වූ අතර එය සංවිධානය  කර තිබුණේ 'කොළඹ රකින ජන පවුර' නමිනි.

''අපිට ඕනා ගෝඨා...යුද්දේ දිනපු ගෝඨා'' යනුවෙන් ප්‍රකශ කරමින් ඔවුහු පිටකොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියහ.

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලයට ගොස් එහි පරිපාලන කටයුතු බාරගෙන තිබිණ.
 

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
  
 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය