ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක්
කොළඹ ගාලු මුවදොර ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයේ නිරතවෙමින් සිටී.
කොළඹ ගාලුමුවදොර පිටිය අසල මාර්ගය දෙපස අද (09) උදෑසන සිට එලෙස ජනතාව රැස්වී විරෝධතාවයේ නිරත වන අතර මෙම විරෝධතාවය නම්කර ඇත්තේ, නිර්පාක්ෂික ජනතා අරගලය යනුවෙනි.
ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක් සිටී.
මෙහිදී විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලින් ද නලා නාද කර සහාය පළ කිරීම විශේෂත්වයකි.
ගාලු මුවදොර පිටිය අසලට රැස්ව සිටින විරෝදතාකරුවන් සමග එක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මේ වනවිට විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටී.