1200 x 80 DMirror

ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුගිය 05වෙනිදා සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව

කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම් සහ විපක්ෂ නායකයා අතර විශේෂ හමුවක් හෙට (10) පස්වරු 5.00 ට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්චාව සඳහා විමල් විරවංශ ඇතුළු පක්ෂ 10 කණ්ඩායමේත්, අනුර ප්‍රියදර්ශනයාපා ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායමේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේත්, සමගි ජන බලවේගය පක්ෂයේත් නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව පැවසේ.

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්, ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව පිළිබඳවත් මෙහිදී පොදු එකඟත්වයක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම රාත්‍රී 7.00ට ජනාධිපතිවරයා හමුවීමට නියමිතය. ඒ, අන්තර්කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡා කිරීම සඳහාය.

මේ අතර ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් හෙට දහවල් 10 ට පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


සජබය විශේෂ සාකච්ජාවක් කැඳවයි


මේ අතර සමගි ජන බලවේගය පවසන්නේ, ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිය මන්ත්‍රී කණ්ඩායම හෙට (10) විපක්ෂ නායක කාර්යාලයේ රැස්වී තීරණයක් ගන්නා බවයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීනවූ කණ්ඩායම්වල සහය ලබාගැනීම සඳහා සාකච්ඡා කරන බවයි.



ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක 'නෙත් FM ' හමුවේ මෙසේ කරුණු දැක්විය.

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය