1200 x 80 DMirror

ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුගිය 05වෙනිදා සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු

කරන මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක සාකච්ජාවක් හෙට (10) සවස ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.


එම මන්ත්‍රී කණඩායම විසින් රටේ වත්මන් අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා ඊයේ (08) දිනයේ ජනාධිපතිවරයා වෙත යොමුකර තිබු යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එම මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතින බව අවධාරණය කරන  ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි සිය යෝජනාවලිය මගින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.


ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවන්නැයි ද ජනාධිපතිවරයාට යෝජනා කර සිටින ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, එම ජාතික විධායක සභාවේ උපදෙස් මත නව අගමැතිවරයෙකු හා සීමිත ඇමති මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලා සිටියි.



ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ යෝජනා :

1). ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

2). අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂය පඨය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

3). ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.

4). ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

5). ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම.

6). ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.

7). ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම.

8). ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජතෙල්, ගෑස්, පොහොර හා අනෙක්තු කෘෂිකාර්මික යෙදුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

9). පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම.

10). විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම.

11). අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයින්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාල සීමාව තුළ දී සකස් කිරීම.
 

සබැඳි පුවත :

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

 


The Leader TV අද වීඩියෝ 
 
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය