පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් තරුණ කණ්ඩායම් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ගෙනයන අරගලයට සහය දක්වන්නැයි හිටපු

අගමැති රනිල් වික්‍රමසිංහ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

හිටපු අගමැතිවරයා එබව පවසා ඇත්තේ, තරුණ තරුණියන් පිරිසක් අද ඔහු හමුවී වත්මන් තරුණ අරගලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුවය.

හිටපු අගමැතිවරයා මිට ඉහතදී කියා සිටියේ, සත්‍යග්‍රහ පවත්වමින් සාමකාමී විරෝධතා පමණක් සිදුකරන ලෙසයි. ඒ අනුව, කොළඹදී හා මාතරදී එවැනි සත්‍යග්‍රහ පැවැත්විණ.

කෙසේවුවද මේවනවිට රටපුරා ඇරඹි ඇති තරුණ අරගලයට සක්‍රියව එක්විය යුතු බවට එම පක්ෂයේ තරුණ කණ්ඩායම් වලින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මේවනවිට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ.

ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග එක්ව සාමකාමී අයුරින් තරුණ අරගලයට සහය දක්වන ලෙසත්, ඒ සඳහා පක්ෂයේ සහය ලබාගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත.

කෙසේවුවද මෙම තරුණ අරගලය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂවලින් මෙතෙක් නිල සහයෝගයක් ලැබී නොමැත.


ගාලු මුවදොර පිටියෙන් ඇසුණු හඬ ''GOTA GO HOME''


ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වහාම ඉවත් විය යුතු බව පවසමින් ඊයේ (අප්‍රේල් 09) කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාවට වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්, තරුණ තරුණියන් සහ වෘත්තිකයන් සහභාගී වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබේ.

මෙම විරෝධතාවය නම් කර තිබුණේ නිර්පාක්ෂික ජනතා අරගලය ලෙසයි.

ඊට සහභාගී වූ අයට ජලය සහ ආහාර ලබා දීමට මෙන්ම ප්‍රතිකාර කිරීමට ද ස්වේච්චාවෙන් බොහෝ පිරිසක් ඉදිරිපත් වී සිටියහ.

ඔවුන් එක හඬින් කියා සිටියේ ''GOTA GO HOME'' ලෙසයි. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරය අත් හැරීමේ සුදානමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.



ගාලුමුවදොර තවමත් උණුසුම්


ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාව අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඇදහැලුණු වර්ෂාවද නොතකා ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට විරෝධතාකරුවන් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටී.

ගාලුමුවදොර පිටිය අසලින් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ මහජන උද්ඝෝෂණයට ඊයේ පස්වරුව වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ආගමික නායකයින්, සිවිල් සංවිධාන ඇතුළු ජනතාව එක්රැස්ව සිටියේය.

"නිර්පාක්ෂික ජනතා අරගලය" යනුවෙන් නම් කර තිබූ එම මහජන උද්ඝෝෂණයට එක් වූ පිරිස් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම අසලට රැස්ව සිය විරෝධතාවය පළ කළේය.

උද්ඝෝෂණයට එක්ව සිටි මුස්ලිම් ප්‍රජාව ඊයේ පස්වරුවේ මාර්ගයේදීම සිය ආගමික චාරිත්‍ර ඉටුකළේය.

මධ්‍යම රාත්‍රිය දක්වාම එහි රැඳී සිටි පිරිස අද උදෑසන වනතුරුම එම ස්ථානයේ රැය පහන් කළේය.

එමෙන්ම උද්ඝෝෂකයින් මාර්ගයේ එක්රැස්ව තිබූ කසල ස්වේච්ඡාවෙන්ම ඉවත් කිරීමට කටයුතු කිරීමත් විශේෂත්වයකි.

ඇදහැලුණු වර්ෂාවද නොතකා එම මහජන උද්ඝෝෂණය අද දෙවන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ක්‍රියාත්මක වේ.

 
 Screenshot 20220410 134619 Twitter

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්