අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාව පළ කරන්නේ නම්,

ඊට පත් කළයුතු අමාත්‍ය මණ්ඩලය පිළිබද පක්‍ෂ නායකයින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව අගමැතිවරයෙකු ප්‍රමුඛ අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරීමෙන් රට තුළ පැන නැගී ඇති ගැටළුවලට විසදුම් ලබාදීමට කටයුතු කළ හැකි බව ද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන එහිදී තවදුරටත් සදහන් කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් කණ්ඩායම් ඒකාබද්ධව ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රී පැවැත්වෙන සාකච්ඡාවේ මූලික අරමුණ 20 වැනි සංශෝධනය අහෝසි කර නිශ්චිත කාල සීමාවකට අන්තර්කාලීන පාලනයක් ඇතිකරගැනීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.



නිශ්චිත කාල සීමාවක් සඳහා පිහිටුවාගනු ලබන අන්තර්කාලීන ආණ්ඩුවට රට තුළ උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් ලබා දිය හැක්කේ දැනට ක්‍රියාත්මක විසිවැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය බලාත්මක කීරීම තුළින් බව ද හෙතෙම  කීවේය.

ඒ අනුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ 19 වැනි ව්‍යවස්ථාව බලාත්ම කිරීම යන  ඉහත ප්‍රධාන කරුණු දෙකට ජනාධිපතිවරයා එකඟ කරවා ගැනීමට අද (10) හැකිවුවහොත් වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද නිශ්චිත කාලසීමක් තුළ දී සමනය කරගැනීමට හැකිවනු ඇතැයි හෙතෙම  විශ්වාසය පල කළේය.

19 සංශෝධනය යළි බලාත්මක කීරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි බව පවසන මෛත්‍රීපාල සිරිසේන ඉන් අන්තර්ජාතික වශයෙන් විශ්වාසය දිනාගෙන අද සිටින මූලික ප්‍රශ්නය වන ඩොලර් අර්බුදය කඩිනමින් විසඳා ගත හැකි බව පෙන්වා දුන්නේය. 

 

මෛත්‍රී ඇතුළු ස්වාධීන වු මන්ත්‍රීවරු සජිත් ව හමුවෙයි

ජනාධිපතිවරයා සමග අද (10) රාත්‍රීයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිදහස් පක්ෂය ඇතුළු හතලිස් දෙදෙනාගේ (42) මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේ දී සාකච්ඡාවක නිරත වුණි.

අනතුරුව ඔවුන් එම නිවසේ දීම සමගි ජනබලවේගය පක්ෂය සමග සාකච්ඡාවක් ආරම්භ කළේය.

එම සාකච්ඡාවට සජබ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහභාගිවිය.


ආණ්ඩු පක්ෂයේ සාකච්ඡා කිහිපයක්

මේ අතර පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී සිදුවිය. පස්වරු 4ට එම සාකච්ඡාව කැඳවා තිබිණ.

අනතුරුව හිටපු අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව අද රාත්‍රි 7ට ආරම්භ කිරීමට සැලසුම්කර තිබිණ.

 


The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්