කිසිඳු ලෙසකින් සිය ධුරයෙන් ඉවත් නොවීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා,

හෙට (11) දිනයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

අගමැති ධුරයෙන් ඉවත්වීමට ඔහු මිට ඉහතදී තීන්දුකර තිබිණ.

එසේ වුවහොත් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයෙන් ආණ්ඩුව නියත වශයෙන් පරාජය වනබවට තහවුරුවීම තුල, එම අදහස වෙනස් කිරීමට අගමැතිවරයා තීන්දු කලබව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසිය.

'' මහින්ද රාජපක්ෂ ඉවත්කලොත් ආණ්ඩුව වැටෙනවා කියලා විපක්සෙ උදවිය හොඳටම දන්නවා. මේ ආණ්ඩුව ගැටගැහිලා තියන්නේ අගමැතිතුමා වටේ. ඒ නිසා තමයි මහින්ද මහත්තයව අගමැතිකමෙන් ඉවත්කරන්න ඔය උත්සහ කරන්නේ.. ආණ්ඩුවේ ඉඳල දැන් ස්වාධින වෙලා ඉන්න මන්ත්‍රී තුමන්ලත් ඒ කාරණේ හොඳටම දන්නවා. මහින්ද මහත්තය අගමැති විදියට ඉන්දෙද්දී , අගමැතිතුමාට විරුද්ධව අත උස්සන්න ඩලස් ඇමතිතුමාට බැ .. ඔය ස්වාධින වෙලා ඉන්න හුඟ දෙනෙකුටත් බෑ . ඒ තරමට ඒ අය දේශපාලනික වශයෙන් අගමැතිතුමාට ණය ගැතියි. ඒ නිසා මේ වෙලාවේ අගමැතිතුමාට අස්වෙන්න එපා කියලා ඇමතිවරු ඔක්කොම වගේ එකහඬින් කියනවා. මොන බලපෑම් ආවත් මහින්ද රාජපක්ෂ මහත්තය මේ වෙලාවේ අගමැතිකමෙන් ඉවත්වෙන්නේ නැ ..'' එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.



ඇමති මණ්ඩලය හෙට දිව්රුම් දෙයි !

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතින බව අවධාරණය කරමින්, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ, කරුණු 11ක යෝජනාවලියක් ඉදිරිපත් කරමිනි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවන්නැයි ද ජනාධිපතිවරයාට යෝජනා කර සිටින ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, එම ජාතික විධායක සභාවේ උපදෙස් මත නව අගමැතිවරයෙකු හා සීමිත ඇමති මණ්ඩලයක් පත් කරන්නැයි ඉල්ලා තිබිණ.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් ස්වාධින මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර මේවනවිට තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වේ.

කෙසේවුවද අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ, මිට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් යලි හෙට (11) දිනයේ දිව්රුම් දීමට නියමිත බවයි. එහිදී ඇතැම් අමාත්‍යවරුන්ගේ විෂයයන් සංශෝධනය විය හැකිබව ද පැවසේ.

 

 


The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්