1200 x 80 DMirror

නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් වහාම ජනපති ගෝඨාභය රාජපක්ෂ ට සහ පවතින ආණ්ඩුව

සහාය පළ කරමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ මෙහෙයුමක් ආරම්භ කිරීමට පොහොට්ටු මුලස්ථානය විසින් සැලසුම් කර තිබේ.

නෙලුම් මාවත 'පොහොට්ටු' පක්ෂ මුලස්ථානයේ රාජකාරි බාරගත් නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගේ අධික්ෂය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.  

ඒ අනුව සැම පළාත්පාලන බල ප්‍රදේශයකම උද්ඝෝෂණ සංවිධානය කිරීමට එම බල ප්‍රදේශයේ පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පවරා ඇත.

අද දිනයේ මහනුවර, නිකවැරැටිය, තංගල්ල, බඩල්කුඹුර ආදි ප්‍රදේශවල පැවැති එම උද්ඝෝෂණවලට ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු ඇතුළු ආණ්ඩුවට හිතවත් පිරිස් සහභාගී වූහ



එසේම මේවනවිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන තරුණ තරුණියන් පලවා හැරීමේ මෙහෙයුමක් හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද පැවසේ. ඒ සඳහා ජනාධිපතිවරයාට සහය පලකිරීමේ උද්ඝෝෂණයක් හෙට දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු මේවනවිට සැලසුම් කර ඇතැයි ද වාර්තාවේ.

 

 

 

සබැඳි පුවත්

බැසිල් ඉන්දීය BJP ආදර්ශයට ගනී ! - දෙකයි දෙකේ පොලු බලකායක් !


The Leader TV අද වීඩියෝ 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය