පස්වන මහජන ප්‍රංශ ජන රජයේ නව ජනාධිපතිවරයෙකු පත් කර ගන්නා වර්ෂ 2022 ජනාධිපතිවරනයේ පලමු වටයේ ඡන්ද විමසීම අප්ප්‍රේල් මස 10 වෙනි

ඉරු දින උදේ 08 සිට සවස 08 දක්වා පැවැත් වූයේය.

එදිනම රාත්‍රී 08 ට ප්‍රථම වටයේ ප්‍රථිපල නිකුත්වූ අතර එයින් ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රථිපල වල ප්‍රතිශතය අනුව වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා 28.1%ක් ලබා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ඉදිරියෙන් සිටින්නේය.

අපේක්ෂකත්වය සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කල අපේක්ෂකයන් අතරින් මෙවර ප්‍රථම වටයේ ජනාධිපතිවරනයට සුදුසුකම් ලැබුවේ අපේක්ෂකයන් 12 දෙනෙකු පමණය. 


ඔවුන් නම් අවුරුදු 52 වයසැති නතලී ආර්තෝඩ් මහත්මිය (Nathalie Arthaud) අන්ත වාමාංශික ට්‍රොට්ස්කිවාදී (Lutte Ouriere) පක්ෂයෙන්ද, අවුරුදු 52 වයසැති ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පැබියන් රුසෙල් (Pabien Roussel) එම පක්ෂයෙන්ද, අවුරුදු 44 වයසැති වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) මහතා (Republique en Marche) ඉදිරියට යන මහජන පක්ෂයෙන්ද, අවුරුදු 66 ක් වයසැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් ලාසාල් (Lean lassalle) යටත් නොවන (Resiston) පක්ෂයෙන්ද, අන්ත දක්ශිනාංෂික අවුරුදු 52 වයසැති මරී ලෙෆෙන් මහත්මිය (Marine le pen) ජාතික එකමුතුව (Ressemblement National) පක්ෂයෙන්ද, ලේඛකයෙක් හා ඉතා ජනප්‍රිය මාධ්‍යවේදියෙක් වන අවුරුදු 63ක් වයසැති එරික් ශෙමෝර් (Eric Zemmour) නැවත දිනා ගන්නා  (Reconquete) පක්ෂයෙන්ද, අවුරුදු 70 වයසැති අන්ත වාමාංශික ජෝන් ලුක් මෙලේචොන් (Jean luc Melenchon) ප්‍රංශයේ කැරලිකාර (La france Insoumise) පක්ෂයෙන්ද, අවුරුදු 62ක් වයසැති පැරිස් නගරාධිපතිනිය ඈන් හිඩල්ගෝ මහත්මිය (Anne Hidalgo) 1984දී හිටපු ජනාධිපති ප්‍රංශුවා මිතොරොන්ග් මහතා ආරම්භ කල ප්‍රංශ සමාජවාදි (Parti Socialiste) පක්ෂයෙන්ද, අවුරුදු 54ක් වයසැති යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී යැනික් ජඩෝ (Yannick Jadot) මහතා යුරෝපීය පරිසර හා හරිත (Europe Ecologie les verts)  පක්ෂයෙන්ද, අවුරුදු 54ක් වයසැති පැරිස් පලාත් පාලන සභාවේ වර්තමාන සභාපති වැලරි පෙක්රෙස් මහත්මිය (Valerie Pecresse) රිපබ්ලිකන් පක්ෂයෙන්ද, අවුරු 55ක් වයසැති පිලිෆ් පූටෝ ( Philippe Poutou ) මහතා ධනේෂ්වර විරෝධි (Parti Anti Capitaliste) පක්ෂයයෙන්ද අවුරුදු 61ක් වයසැති පාර්ලිමේන්තු මන්ත්‍රී නිකොලා ඩුපොන් (Nicolas Dupont Aignan) මහතා ප්‍රංශය අවදිවෙයව් (Debout la France) පක්ෂයෙන්ද ඉදිරිපත්වූහ.


 ඔවුන් අතරින් වර්තමාන ජනාධිපති ප්‍රථම ස්ථානය දිනා ගන්නා අතර මරී ලෙපෙන් මහත්මිය 23.3%ක්ද, ජෝන් ලුක් මෙලේචොන් මහතා 21.2%ක්ද එරික් ශොමුර් මහතා 7%ක්ද, වැලරි පෙක්රෙස් මහත්මිය 4.7%ක්ද, යැනික් ජඩෝ මහතා 4.8%ක්ද නිකොලා ඩූපොන් මහතා 1.9%ක්ද පැබියන් රුසෙල් මහතා 2.4%ක්ද ජෝන් ලාසෙල් මහතා 3.3%ක්ද ඈන් හිඩල්ගෝ මහත්මිය 2%ක්ද පිලිප් පිටෝ මහතා 0.7%ක්ද නතලී ආර්තෝඩ් මහත්මිය 0.6%ක් ලෙස අනුපිලිවෙලින් ප්‍රකාශිත ඡන්ද ප්‍රථිපල වලට සාපේක්ෂව ඉහත ප්‍රතිශතයන් ලබා ගෙන ඇත්තේය.

ඡන්දය භාවිතා නොකල ප්‍රමාණය 26.5%කි. වර්ෂ 2017 දී එම ප්‍රතිශතය 22.2%ක අගයක පැවැතියේය.
 
 
ZS2NU4Y6TFUYH6HEDU5EZKMBXI
 
ඉහත ප්‍රතිපල වලට අනුකූලව අප්‍රේල් 24 වෙනි ඉරු දින පැවැත්වෙන ජනාධිපතිවරනයේ දෙවන වටය සඳහා වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා සහ අන්ත දක්ශිනාංෂික මරී ලෙෆෙන් මහත්මිය ව්‍යවස්ථානුකූලව තේරී පත්වී ඇත්තේය. ඔවුන් දෙදෙනා අතර පවත්වන දෙවන වටයේ ඡන්ද විමසීමෙන් පසු ඊලඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිතය.
 
 
 
පසුගිය 2017 ජනාධිපතිවරනයේදි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 69.42%ක් වූයේය. සුදුසුකම් ලැබූ ඡන්දදායකින් අතරින් මෙවර ඡන්දය භාවිතා කර ඇත්තේ 65%ක ප්‍රතිශතයකි.

ප්‍රංශ ජනාධිපතිවරනයයේ ප්‍රථම වටයට පසු සම්ප්‍රදානුකූලව දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවූ ප්‍රධාන අපේක්ෂකයින් අතරින් ප්‍රංශ සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකා පැරිස් නගරාධිපතිනිය ඈන් හිඩල්ගෝ මහත්මිය, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂිකා වැලරි පෙක්රේස් මහත්මිය, හරිත පක්ෂයේ අපේක්ෂක යැනික් ජඩෝ මහතා, ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක පැබියන් රුසෙල්, හා ප්‍රථම වටයෙන් 21%ක් ලබා ගනිමින් තෙවන ස්ථානය හිමි අන්ත වාමාංශික ජෝන් ලුක් මෙලේචොන් මහතා තම ඡන්ද දායකයින් අමතමින් දෙවන වටයේ ඡන්ද විමසීමේදී වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාට තම ඡන්දය ලබා දෙන ලෙස තම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එරික් ශෙමෝර් මහතා හා නිකොලා ඩුපොන්ට් මහතා විසින් මරී ලෙෆෙන් මහත්මියට ඡන්දය ලබා දෙන ලෙස තම ඡන්ද දාායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අප්ප්‍රේල් 24 වෙනි ඉරු දින පැවැත්වෙන ජනාධිපතිවරනයේ දෙවන වටයෙන් වර්තමාන ජනාධිපති මැක්රොන් මහතා නැවත වරක් ජනාධිපති ධූරයට පත්වීම නොවැලැක්විය හැකිය.

මේවන විට ප්‍රථම වටයෙන් පසු මැක්රොන් මහතා 51%ක් හා මරී ලෙෆෙන් මහත්මිය 49%ක ප්‍රතිශතයක් බොහෝ දුරට ලබා ගැනීමට හැකි බව නව සමීක්ෂණ වර්තා එළිදක්වා ඇත්තේය. මෙම විශ්ලේෂන වලට සාපේක්ෂව  අප්ප්‍රේල් 24 වෙනි ඉරුදින ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 08 ට ඊලඟ ප්‍රංශ ජනාධිපති කවුරුන්ද? යන්න දැන ගැනීමට හැකිවෙනු ඇත්තේය.


(සුනිල් ආනන්ද )
පැරීසියේ සිට
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්