මහනාහිමියන් වහන්සේලාගේ පණිවිඩයක් රැගෙන මහ සංඝරත්නය කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට ජනඅරගල භුමියට අද සවස 2.30.ට වැඩම කිරිමට  නියමිතය.


කැදවුම්කාරක මණ්ඩලය වෙනුවෙන්  ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත, ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප, මහචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන, මහචාර්ය පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි, මහචාර්ය පුජ්‍ය එළමල්දෙණියේ සාරන්න නාහිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය මෙම අවස්ථාවට එක්වන බව බුදුගල ජිනවසංහිමි දැනුම් දී සිටිති.



මහ නා හිමිවරු කණස්සල්ලෙන්



පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති.

ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූහ.


image 08dee26a44


ජනාධිපති ලේකම්ගෙන් ලිඛිත පොරොන්දුවක්!


ඊයේ දිනයේ මල්වතු විහාරයට එක් වී ත්‍රෛනිකායික  මහා නායක හිමිවරුන් සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මින් පෙර මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් එම යෝජනා අනුව ක්‍රියාත්මකවන බවත් ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි.

මේ හේතුව නිසා මහා නායක හිමිවරුන් විසින් ඊයේ දිනයේ නිකුත් කිරීමට සූදානම්ව සිටි ප්‍රකාශයේ යම් වෙනසක් සිදුවූ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් රට අර්බුදයකට පත්වූ අවස්ථාවේ දී ජනතා අපේක්ෂා විනාශ කරමින් වගකීම් විරහිතව පසුගිය තෙදින තුළ ජනතා නියෝජිතයින් හැසිරුණු ආකාරය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කිරීමට පමණක් උන්වහන්සේලාගේ නිවේදනය සීමා වුණු බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් උද්ගත වී ඇති වත්මන් අර්බුදය සමනය කිරීම සඳහා රාජ්‍ය නායකත්වය සමග මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්  හා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග  නුදුරේදීම සාධණිය සාකච්ඡා පවත්වන බව ද උන්වහන්සේලා ප්‍රකාශ කර සිටිති.

 

The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්