රට තුළ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය වහාම විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගැනීමට නම්, රාජපක්ෂවරු ආණ්ඩු බලය වහාම අත හැරිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර

සිටියි.

එසේම, අන්තර් කාලීන ආණ්ඩුවක් සකස් කිරීම වෙනුවෙන් ආණ්ඩුව අවංකව උත්සාහ කරනවා වෙනුවට, පුළුල් ජන අප්‍රසාදයකට පාත්‍ර වී සිටින රාජපක්ෂවරුන් තම බලය රැක ගැනීමමේ උත්සාහයක් දරන බව ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇත.



මෛත්‍රී මින්පසු ආණ්ඩුව සමග කිසිම රැස්වීමකට නෑ !



එවැනි තත්ත්වයක් තුල රාජපක්ෂවරු හෝ ආණ්ඩුව සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවීමට ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයකට එළඹ තිබේ.

මෙම ආණ්ඩුව වසර පහක කාලයකට බලයට පත් වුවද, මේ වන විටත් එම ජන පදනම තීරණාත්මක ලෙස දෙදරා ඇති බැවින්, රාජපක්ෂවරු සියලු දෙනාම බලය අත හැරීමකින් තොරව මෙම අර්බුදය විසඳා ගත නොහැකි වනු ඇති බව ශ්‍රීලනිප නායකත්වය ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත. ඒ, ඉකුත්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනය පරිදි ශ්‍රීලනිප නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීය.

එසේම, රටේ පවත්නා තෙල්, ගෑස් සහ විදුලි අර්බුදය කඩිනමින් විසඳීමට නම්, එයට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා රාජපක්ෂවරු වහාම ආණ්ඩු බලය අත හැරිය යුතු බවද ශ්‍රීලනිප ස්ථාවරය වී තිබේ.

කෙසේවුවද රාජපක්ෂවරු ජනතා මතයට හිස නොනමන්නේ නම්, ශ්‍රිලනිපය සිය පාර්ලිමේන්තු ක්‍රියාදාමයට අමතරව, පීඩාවට පත්ව සිටින ජනතාව සමග පාරට බැස, සාමකාමී ලෙස ආණ්ඩුවට පීඩනය එල්ල කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට සලකා බලමින් සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


The Leader TV අද වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්