ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තමා සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්ට අද (13) දැනුම්දී ඇතැයි
වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග ඊයේ (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ස්වාධින මන්ත්‍රී කණ්ඩායම විසින් වර්ජනය කළේය. ඒ, ජනාධිපතිවරයා සමග සාකච්ජා පැවැත්වෙමින් තිබියදී, එම කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට බිලිබා ගනිමින් රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදීමට විරෝධය පළ කරමිනි.

ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ  නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡාවක ඊයේ  (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි . ඒ, ස්වාධින මන්ත්‍රී කණ්ඩායම විසින් වත්මන් අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත්කර ඇති කරුණු 11කින් සමන්විත යෝජනාවලිය තවදුරටත් සාකච්ජා කර එකඟත්වයක් ලබාගැනීම සඳහාය.

එම යෝජනාවලියේ ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාවය පළකර තිබිණ.

කෙසේවුවද ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීමට 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' ජනාධිපතිවරයාට කල යෝජනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂයකින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.



එම තත්වය තුල 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ, වහාම නව අගමැතිවරයෙකු පත් කර, ජනතා විරෝධයට ලක්ව නොමැති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත සීමිත ඇමති මණ්ඩලයක් පත් කරන ලෙසයි.


කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්කිරීමත් සමග ජනාධිපතිවරයා සහ 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' අතර පැවති සමීප ගනුදෙනුව බිඳ වැටි ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග පවසයි. මින් ඉදිරියට ජනාධිපතිවරයා සමග කිසිඳු සාකච්ජාවකට සහභාගී නොවනබව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේවනවිටත් ප්‍රකාශකර තිබේ.

ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්කිරීම සිදුව ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත බව ආණ්ඩුවේ  ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.



සබැඳි පුවත් :
'ජනාධිපති විශ්වාසය කඩකළා' - ස්වාධින මන්ත්‍රීවරු ජනපතිගේ රැස්වීම වර්ජනය කරයි !

පෙරළිකාරයින් ජනපති හමුවේ : කැබිනට් දිවුරුම් දීම කල්දමයි !

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

 

The Leader TV අද වීඩියෝ 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්