රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු

තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක පවසයි.

කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත්වී කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර සිටින ඇය, නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව සඳහන් කරයි.

 

රෝසි සේනානායක වැඩිදුරටත් පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බවය.

 

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතු බවද ඇය සඳහන් කරයි.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළුගැන්වී තැන් තැන්වලට වී වගකීමෙන් පළා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතු බවද ඇය සිය නිවේදනයෙන් විමසා තිබේ.

ගිලිහී යන බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවන බවද රෝසි සේනානායක සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

RS 01

 RS 02
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්