ආණ්ඩුවට එරෙහි දැවැන්ත ම ජන රැළියක් අප්‍රේල් 19 ද කොළඹ නගර සභා පිටිය අසලදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුන විසින් කටයුතු යොදා ඇත.



මේ මාසයේ 17, 18, 19 දවස් තුනේ දැවැන්ත පාගමනක් යොදාගෙන තිබෙන බවත්, 17 වැනිදා උදේ 9.00ට බේරුවලින් පටන් ගන්නා මේ පාගමන 19 දා කොළඹට එනවිට රටේ ඉතිහාසයේ එකතු වුණු විශාලම ජනතාව එකතුවනු ඇතැයි විශ්වාස කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ  (13) පැවති මාධ්‍ය හමුවක දී පැවසිය.

මෙම පාගමන අප්‍රේල් 17 දා පෙරවරුවේ බේරුවලින් ආරම්භවී එදින සවස වාද්දුවෙන් අවසන් වනු ඇත.

අප්‍රේල් 18දා වාද්දුවෙන් ආරම්භවන පාගමන එදින සවස මොරටුව නගරයෙන් අවසන් වනු ඇත.

අප්‍රේල් 19 දා මොරටුව නගරයෙන් ආරම්භවන පාගමන එදින සවස කොළඹ නගරසභාව ඉදිරිපිටට පැමිණ බුදු පිළිමය ඉදිරිපස විදියේ රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ,

මෙම පාගමනට හා රැලියට කලාකරුවන්, වෘත්තියවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, සරසවි සිසුන් ඇතුළු ජනතාව දස දහස් ගණනින් සභාගිවීමට නියමිතව ඇතැයි පැවසේ.

IMG 20220414 WA0012


IMG 20220414 WA0013



IMG 20220414 WA0014IMG 20220414 WA0018IMG 20220414 WA0017IMG 20220414 WA0016

බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මෙසේ පැවසිය.

“ජනතා අරගලයට මේ වන විට කලාකරුවන්, නීතිඥ මහත්වරුන් ප්‍රමුඛව සමාජයේ සියලුම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතු වී මේ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරනවා. මේ ජනතා ඉල්ලීමට ඇහුම්කන් නොදී ආණ්ඩුව මුරණ්ඩු ලෙස විවිධ උපක්‍රම පාවිච්චි කරමින් තවදුරටත් බලයේ ඉන්න උත්සාහ කරනවා. අනාගත පරපුරට රටක් නැති කරලා අවසාන මොහොතේ හෝ බැහැල යන්න ලැහැස්ති නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේක අතරමග නතර කරන්න පුළුවන් අරගලයක් නොවෙයි කියලා. ආණ්ඩුවට තිබෙන එකම උත්තරය ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන එක විතරයි.”

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්