ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගාලු මුවදොර පැවැත්වෙන මහාජන විරෝධතා භූමියේ ඇති කූඩාරම් තුළට අයිස්

මත්ද්‍රව්‍ය දමා විරෝධතාවේ යෙදෙන තරුණයින් අත් අඩංගුවට ගැනීමට සුදානමක් තිබෙන බවට පුවතක් මේ වන විට සමාජමාධ්‍ය තුළ වේගයෙන් හුවමාරුවෙමින් තිබේ.

එසේ කිරීමට උපදෙස් දී ඇති පුද්ගලයින්ගේ නාම ලේඛනයද එම පුවත තුළ සඳහන් කර තිබේ. එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

''මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට XXXXXXX  විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

එම නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.''


ආණ්ඩුවේ පිරිසක් අරගල භූමියට කඩා පත්වේ !


මෙම අරගලය අවසන් කරවීම සදහා විවිද අංශ මෙන්ම දේශපාලන පක්ෂද විශාල උත්සාහයක යෙදෙන අතර අද උදෑසන ආණ්ඩුවට සහය දක්වන පිරිසක්ද විරෝධතා භූමියට ඇතුළු වී විරෝධතා කරුවන්ට එරෙහිව විරෝධය පාන්නට පටන් ගෙන තිබේ.

අද පෙරවරුවේ ජන අරගල භූමියට පැමිණි ආණ්ඩුවේ අධාරකරුවන් පිරිසක් එම විරෝධතාව කරුවන්ට විරෝධී සටන් පාඨ කියමින් සිටිති.

මේ හේතුවෙන් විරෝධතා භූමිය යම් උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවීමෙන්  පවතී.

index

ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට ඉවත් වන්නැයි, බල කරමින් ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාව 07 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

සාමාන්‍ය ජනතාව මෙම විරෝධතාවට එක්ව සිටින්නේ, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරවයි.

කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට විරෝධතා භූමියට අද උදෑසන පටන්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණෙමින් සිටිති.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසල ද පිරිස අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටී.

අලුත් අවුරුද්ද සැමරූ ඊයේ දින රාත්‍රියේද, විරෝධතා භූමියට විශාල පිරිසක් එක්ව සිටියහ.

ඊයේ මධ්‍යම රාත්‍රියේදීත් ජනතාව ගාලු මුවදොර ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධය පළ කළේ ය.

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්