නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට  ඇත.

 

රජයේ නියෝජිත කණ්ඩායම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබන 18 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ඊට ප්‍රථම රටේ දේශපාලන ස්ථාවරත්වය පෙන්නුම් කිරීම වැදගත්වන හෙයින් නව කැබිනට් මණ්ඩලය මෙසේ පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ ඇමති තනතුරු බාර ගැනීමට බොහෝ පාර්ශවයන්ට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් නොවී සිටින තත්ත්වය යටතේ හිටපු  ඇමතිවරුන්ගෙන් සමන්විතව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරන බවත් ඉහළ කාර්ය සාධනයක් පෙන්වා ඇති රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුටද මෙහිදී ඇමැති තනතුරු හිමිවීමට නියමිත බවත් දැනගන්නට  ඇත.

මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කරනු ඇතත්, බැසිල් රාජපක්ෂ චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ  යන හිටපු අමාත්‍යවරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොකෙරෙන බවද වාර්තාවේ.

 

කෙසේවෙතත්, වත්මන් දේශපාලන අර්බුදය තේරුම් ගනිමින් ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හරිය යුතු බවට මහ නායක හිමිවරුන් මෙවනවිටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' ද  මේවනවිට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.




ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' විසින් ලබාදී ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, එම යෝජනාවලට අනුඅව නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයත් නිසා කැබිනට් සංශෝධනය කල්දමා ඇති බවත් ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැවසිය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් 'ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව' අවධාරණය කර සිටියි. 



සබැඳි පුවත් :

පෙරළිකාරයින් ජනපති හමුවේ : කැබිනට් දිවුරුම් දීම කල්දමයි !

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

 


The Leader TV අද වීඩියෝ 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්