1200 x 80 DMirror

ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුගියදා ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් ඊයේ (16) පස්වරුවේ රැස්වී මුලික දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ම ගෙන ඇත.


ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වෙනම අසුන් ගැනීමට තීන්දු කර ඇති එම මන්ත්‍රී කණ්ඩායම, ඒ පිලිබඳව වූ ඉල්ලීම ලබන සඳුදා (18) කතානායකවරයා වෙත බාරදීමට එකඟතාවයට පැමිණ ඇත.

එසේම, පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කර සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමග වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමට ද තීන්දු කර තිබේ.



එසේම, අර්බුදයට විසඳුමක් වශයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අප්‍රේල් 08 වෙනිදා ජනාධිපතිවරයාට යොමුකර ඇති කරුණු 11කින් සමන්විත යෝජනාවලින් කිසිඳු ලෙසකින් බැහැරනොවිමට ද තීන්දු කර තිබේ. ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු හා සීමිත ඇමති මණ්ඩලයක් පත් කළ යුතු බව ඔවුන් එම යෝජනාවලිය මගින් අවධාරණය කර තිබු කාරණයකි.




සබැඳි පුවත් :


ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

 

The Leader TV අද වීඩියෝ 

 

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය