යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද

අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද්ධ හමුදාව ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට සූදානම් වන බවටත්, පහරදීමකට පෙර පුහුණුව ලබමින් සිටින බවටත් ඇතැම් පාර්ශව සිදුකර ඇති ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරයන් බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

කිසිදු යුද්ධ හමුදා සාමාජිකයෙකු එවැනි ක්‍රියාකාරකමක් වෙනුවෙන් සම්බන්ධ වී නොමැති අතර මෙවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශසහගත ඒවා බවද යුධ හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

හමුදා සාමාජිකයන් සාමකාමී විරෝධතාකරුවන් හෝ එකී සංවිධාන සමඟ කිනම් හෝ මැදිහත්වීමකින් තොරව සිය රාජකාරීවල නිරතව සිටිනුයේ රාජ්‍ය සහ මහජන ආරක්ෂාව සඳහා වන අතර මෙම භටපිරිස් සිය ජීවිත පරදුවට තබා අප්‍රමාණ කැපකිරීම් කරමින් රටට සාමය ලබාදුන් සාමාජිකයන් වන බව ද සිහිපත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

යුද්ධ හමුදාව අපකීර්තියට පත්කිරීම අරභයා ප්‍රචලිත කරනු ලබන මෙම සූක්ෂම උත්සාහයන්ට නොරැවටෙන ලෙසත් අතීතයේදී යුද්ධ හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් රකිනා ලෙසත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



''විරෝධය මර්දනය කිරීමේ හමුදා පුහුණුවක්''




ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා ස්ථානයේ දිවා රෑ පවතින ජනතාවගේ නැගිටීම මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම්වන බවත්, කඩවත ප්‍රදේශයේ සන්නද්ධ හමුදා කඳවුරක විරෝධතා මර්දනය කිරීමේ පුහුණුවක් අප්‍රේල් 15 පෙරවරුවේ සිදු කළ බවත් මාධ්‍ය හමුවේ පසුගියදා අනාවරණය කර සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවයි.

මෙසේ සන්නද්ධ හමුදා කඳවුරුවල කැරලි මර්දන ආදර්ශ පුහුණුව ලබා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදෙන තරුණ ප්‍රජාව මර්දනය කිරීමට නම්, ආණ්ඩුව වැරදි ගණන් බැලීමක් සිදුකරමින් සිටින බව ඔහු අවධාරනය කළේය.





ෆොන්සේකාගෙන් පණිවිඩයක්

 

General Sarath Fonseka an 001

එසේ ජන අරගලය මැඩලීමේ හමුදා මෙහෙයුමක් ගැන වාර්තා පළවෙද්දී, පාලකයින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. එම ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.



“මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුල පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූශිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ශා කරමි.




දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුල උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුල ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන්  පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල් සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.

මා යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන් වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම  බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යලි යලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි. ''

 

The Leader TV අද වීඩියෝ 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්