1200 x 80 DMirror

 
 

අඛණ්ඩව දින හතක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ගෝල් ෆේස් පිටිය කේන්ද්‍ර කර ගත් මහජන අරගලය ව්‍යාර්ථ කිරීම වෙනුවෙන් ආණ්ඩුව ප්‍රමුඛව

ජාතිවාදි බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බව 'රැඩිකල් සෙන්ටර්' අවධාරණය කරයි.

ආණ්ඩුවලට එරෙහි ජනතා විරෝධය මැඩ පැවැත්වීම වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය පදනම් කරගත් දේශපාලන බල ව්‍යාපෘති ඓතිහාසිකවම දියත් වූ බවත් මේ මෙහොතේත් වත්මන් ආණ්ඩුව විසින් තමන්ට එරෙහි ජන අරගලය මැඩපැවැත්වීම වෙනුවෙන් මෙකී දේශපාලන බල ව්‍යාපෘතිය නැවත පනගන්වන්නට ගන්නා උත්සාහය, මෙම නූතනවාදී මහජන අරගලය විසින් දැනටමත් පරාජය කර ඇති බව රැඩිකල් සෙන්ටර් අවධාරණය කරයි.

ඒ අද (16) දින රැඩිකල් සෙන්ටර්, වෘත්තීයවේදීන් හා එක්ව පැවැත් වූ මාධ්‍ය හමුවකදිය.

එහිදි වෘත්තීයවේදීන් වශයෙන්, කතිකාචාර්ය එම්.ජේ.ආර් ඩේවිඩ්, ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති සිද්ධික් ෆාරුක්, රැඩිකල් සෙන්ටර් නියෝජනය කරමින් හරේන්ද්‍රන් ක්‍රිෂ්ණසාමී, කේෂාල් ජයසිංහ සහ ජයනි අබේසේකර අදහස් දැක්වූහ.

 

රටේ ජනතාව සැබෑ ලෙසම ආගම්වාදී හෝ ජාතිවාදී නොවන බවට අරගල බිම සාක්ෂි දරන අතර ජාතිවාදය, ආගම්වාදය ජනතාව මත බලහත්කාරයෙන් පටවා ඇති බවත් එය ආණ්ඩු බලය පවත්වා ගැනීම වෙනුවෙන් පාලකයන් නඩත්තු කළ දුෂ්ට දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බවත් අද ආණ්ඩුවේ එම බල දේශපාලන ව්‍යාපෘතිය අසමත්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

 

nawarathne

බොදු බල සේනාව මෙකී මහජන අරගලය අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස ඉස්මතු කිරීමට ගන්නා උත්සාහය විවේචනයට ලක් කරන ඔවුන් පෙන්වා දෙන්නේ, බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් මෙන්ම එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයෙකු වන එරන්ද කේ. නවරත්න විසින් මුහුණු පොතේ පොස්ටුවක් පළ කරමින් "BBS එකේ කුමන්ත්‍රණකාරයෝ දැන් නැත...” යනුවෙන් සිදුකර ඇති ප්‍රකාශය, බොදුබල සේනාවේ එවැනි කුමන්ත්‍රණකරුවන් සිටිය බවට පිළිගන්නා ප්‍රකාශයක් බවයි.

එයින්ම ආණ්ඩුවේ බල ව්‍යාපෘතිය හෙළිදරව් කෙරෙන බව රැඩිකල් සෙන්ටර් අවධාරණය කරයි.


මෙවැනි පසුබිමක ගොඩනැගෙන මෙම මහජන අරගලය, විදුලිය, ගෑස්, තෙල් ඉල්ලා සිටීමට එහා ගිය නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම උදෙසා වන අරගලයක් ලෙස වැඩී වර්ධනය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

එම නිසාම මෙකී මහජන අරගලය, චෞර රාජ්‍යයක අවසානය බවත් මෙය පුළුල් බහුජන ව්‍යාපාරයක් ලෙස ගෙඩනැගෙමින් ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවත්, ජනතා බලය සහ දේශපාලන බලය එක්ව උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු ඇති බවත් ඔවුහු අවධාරණය කරති.  


sl flag

විශේෂයෙන්ම අද අරගල බිමේ ළෙල දෙන ජාතික කොඩිය ඓතිහාසිකවම යොදා ගැනුනේ දෙමළ, මුස්ලිම් ජන ප්‍රජාවන්ට එරෙහි දේශපාලන අර්ථයකින් වුවද අද එයට වෙනස් දේශපාලන අර්ථකථනයක් දීමට මහජන අරගලය ධෛර්්‍යය සපයා ඇති බව පෙන්වා දෙන රැඩිකල් සෙන්ටර්, තවදුරටත්,  ජාතික කොඩියේ වර්ණ වලින්, තීරුවලින් ඇති කළ බෙදීම් ඉක්මවන දිනයක් මෙම නූතන මහජන අරගලය තුළ දිනාගත යුතුව බව අවධාරණය කරන ලදී.

 

 
 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්